ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (20) පෙරවරු 11.30ට නිකුත් කර ඇති අතර එය හෙට (21) අලුයම 1.30 දක්වා වලංගු වෙයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු – මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙන අතර අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැන්වත් මේ අලි ඇතුන් ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතුයි – විපක්ෂ නායක සජිත්

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දළ ඇතුන් අතර සුවිශේෂ ස්ථානයක් හිමි...

කලාපයේ අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් වෙනුවෙන් වේදිකාව තනමින් CICA 7 සැසිවාරය නිමවෙයි!

කොළඹ LNW:ආසියානු කලාපය පුරා අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර...

හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාත්‍යන්තර නීතිය සහ...

WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...