එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන්ට හිතාමතා ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල් හමුදාවට චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ඉලක්ක වෙත දියත් කරන ලද ප්‍රහාර අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් ඉලක්ක කරගනිමින් හිතාමතාම ප්‍රහාර දියත් කරන බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් චෝදනා කර තිබේ.

ඒ අනුව, දකුණු ලෙබනනයේ නිරීක්ෂණ කුළුණක් සහ එක්සත් ජාතීන්ගේ පරිමිතිය වැටක් හිතාමතාම කඩා බිඳ දැමූ බව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය (UNIFIL) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය හා දේපලවල අයිතිය ආරක්ෂා කිරීම සියලු දෙනා බැඳී ඇති අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට එරෙහි ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම යුද අපරාධයක් විය හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් 1978 සිට ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දේශසීමා කලාපය නිරීක්ෂණය කරන අතර රටවල් 50කට වැඩි සංඛ්‍යාවකින් 10,000කට අධික භට පිරිසක් මෙම මෙහෙයුම සඳහා යොදවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...