උද්ධමනය අඩු වෙලා!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

2024 සැප්තැම්බර් මාසය සඳහා, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය අද (21) දින ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 සැප්තැම්බර් මාසය සඳහා -0.2% ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වී තිබුණි.

2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5% ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.

තවද, 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වී ඇත.

මේ පිලිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා මේ සමග අමුණා ඇති මාධ්‍ය නිවේදන සහ දළ විශ්ලේෂණ වාර්තා තුළින් අවබෝධ කර ගත හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...