දුමින්දගේ වුවමනාවට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්ත ගොඩනැගිල්ල ගැන විමර්ශන ඇරඹේ!

Date:

කොළඹ LNW:කෘෂිකර්ම අමාත්‍යංශය සදහා පසුගිය වකවානුවේ කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව
අමාත්‍යංශ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පවසයි.

එම ගොඩනැගිල්ල ලබාගැනීමේදී රජයේ මුදල් රු. කෝටි 66ක තැන්පතුවක් ලබා දී තිබෙන අතර ගොඩනැගිල්ල නැවත භාරදුන් පසු එම තැන්පතු මුදල ලබා දී නැති අතර අමාත්‍යාංශය විසින්ද එම මුදල් ලබා ගැනීමට කටයුතු කර නොමැති බවයි ලේකම්වරයා පවසන්නේ.

එලෙස රජයේ මුදලින් තැන්පතු මුදලක් ලබා දීමේදී බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගත යුතු වන අතර එයද එවකට සිදුකර නොමැති බවද වික්‍රමසිංහ මහතා කියාසිටියි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගතහැකි පියවර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසයි.

එම ගොඩනැගිල්ල ප්‍රවීණ නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් වන අතර එය රාජගිරිය ප්‍රදේශයේ පිහිටා තිබේ.

දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගෙන තිබුණු අතර එම කාලය තුළදීද ඊට දැඩි විරෝධයක් එල්ල වුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...