BRICS සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය සූදානම්!

Date:

කොළඹ LNW:චීනය BRICS සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී හෙට(22) දින ආරම්භ වීමට නියමිත BRICS නායකයින්ගේ 16 වන සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙවර සමුළුව BRICS සාමාජික රටවල් පුළුල් කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම සමුළුවයි. BRICS සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු බහුපාර්ශ්වවාදය ආරක්ෂා කර ජාත්‍යන්තර කටයුතු වෙනුවෙන් සක්‍රීය, ස්ථාවර හා හිතකර දායකත්වයක් ලබා දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

විවිධ පාර්ශ්වයන් සමග එක්ව, BRICS සහයෝගීතාවය තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන ගෝලීය දකුණේ රටවල ස්වශක්තිය හා එක්සත්භාවය තහවුරු කිරීමට චීනය අපේක්ෂා කරයි. එමගින් ලෝක සාමය හා සංවර්ධනය සහතික කිරීමට ද චීනය සූදානම් බවයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...