නවයකට තවම වීසා නැහැ

0
147

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 21,  කොළඹ LNW:

ඉන්දියාවේ පැවත්වෙන කණිෂ්ඨ දකුණු ආසියාතික මලල ක්‍රිඩා සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා මලල ක්‍රිඩා කණ්ඩායමේ නව දෙනෙකුට මේ සටහන තැබෙන විටත් වීසා ලැබී නැත.එම පිරිසට ඉසව් නියෝජනය කරන ක්‍රිඩක ක්‍රිඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් සහ භෞත චිකිත්සකවරුද ඇතුළත්ය.

වීසා සම්බන්ධයෙන් සහභාගිවන ක්‍රිඩා සංගම් සහ සම්මේලන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෑතකදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.මේ වන විට මලල ක්‍රිඩා සංගමය ක්‍රියා විරහිතව පවතින අතර අමාත්‍යවරයාගේ නියමය පරිදි අමාත්‍යාංශය සහ ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ මලල ක්‍රිඩාව පාලනය කෙරේ.
හෙට අළුයම සහ දහවල් දෙකොටසකට ශ්‍රී ලංකා මලල ක්‍රිඩා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.