2029න් පස්සේ මාලිමා මන්ත්‍රීවරු 159ම වැලිකඩ!

Date:

කොළඹ LNW:2029න් පසු මාලිමා මන්ත්‍රීවරු 159ටම වැලිකඩ සිරගෙදර වාට්ටුවක් වෙන්කර ගනිමර සිදුවන බව ස්ථිර යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

මන්ත්‍රී වැටුප් පක්ෂ අරමුදලට ගැනීම යන කාරණය සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

”මන්ත්‍රී දීමනා පක්ෂ අරමුදලට යැවීම තහනම් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒකට ප්‍රතිචාර දක්වමින් මාලිමා මන්ත්‍රීවරු කියන්නේ අපට ලැබෙන වැටුප් සහ දීමනා අපි පක්ෂ අරමුදලට දෙන්න කැමති නෑ. ටිල්වින් සහෝදරයා ඒක ගන්න කැමති නම් විපක්ෂයට පාන්ද කියල. හදුන්නෙත්ති ඇමතිතුමාගේ පාන් න්‍යාය මාලිමා මන්ත්‍රීවරුන්ගේ දීමනා සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නෑ. නිශ්චිතව යම් කාරණයකට වෙන්කළ මහජන මුදල් රජයේ නිසි අවසරයකින් තොරව වෙනත් කාරණයකට යොදාගැනීම පොදු දේපළ පනත යටතේ පොදු දේපළ අපහරණයක්. මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබාදිය නොහැකි වරදක්. අපි මේ ගැන දැනටමත් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඒ නිසා දැන් නීතිය ක්‍රියාත්මක වුණේ නැතත් 2029න් පස්සේ මාලිමා මන්ත්‍රීවරු 159ටම වැලිකඩ සිරගෙදර වාට්ටුවක් වෙන්කර ගන්න වෙන බව නම් ස්ථිරයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...