ජපානයේ ප්‍රථම අගමැතිවරිය පත්වෙයි!

Date:

කොළඹ LNW: ජපාන දේශපාලනයේ වෙනසක් පෙන්නුම් කරමින් ප්‍රථම අගමැතිවරිය පත්ව තිබේ.

ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව විසින් සානේ ටකයිචි මහත්මියව සිය අගමැතිවරිය ලෙස පත්කරගෙන ඇති අතර එය ජපාන දේශපාලනයේ දක්ෂිණාංශිකයට තීරණාත්මක මාරුවීමක් පෙන්නුම් කරන්නක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

64 හැවිරිදි ඇය යකඩ ආර්යාව ලෙසද හඳුන්වනු ලබයි.

ජපන් නායිකාව වීමට ඇය ගත් තුන්වෙනි උත්සාහය මෙය වන අතර ඇය අභාවප්‍රාප්ත හිටපු අගමැති ෂින්සෝ අබේගේ අනුගාමියෙක් ලෙසද ජපානය තුළ හඳුනා ගනී.

කෙසේවෙතත් ජපන් ආර්ථිකයේ හැරවුමක් මෙන්ම ජපානය හා ලෝක දේශපාලන සබඳතා නව මාවතකට විවර වීමක් ලෙසද ඇයගේ පත්වීම අපේක්ෂා දල්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...

UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මෙරට සිදුවූ...