හසිනිගේ පිත්තෙන් ජය හසරැල් පුබුදු කරයි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 21,  කොළඹ LNW:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජය ගන්නා තරගවලදී,සාමාන්‍යයෙන් වැඩිම ලකුණුලාභිණිය වන චමරි අතපත්තු බංගලාදේශයට එරෙහිව වැඩිම කඩුලුලාභිණිය වෙමින් ශ්‍රී ලංකාවට මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ලබා දීමට මූලිකත්වය ගත්තාය.තීරණාත්මක අවසාන ඕවරය යැවීමේ වගකීම නිර්භයව තමන් වෙතම පවරා ගත් චමරි පන්දු හතරක් තුළ කඩුලු තුනකට වග කියමින් ශ්‍රී ලංකාව ලකුණු 7 ක ජයක් කරා රැගෙන ගියාය.


මේ තරගාවලියේ පළමු ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට පිත්තෙන් ඉහළම දායකත්වය ලබා දුන් හසිනි පෙරේරා ලබා ගත් ලකුණු 85 නිසා ඇය තරගයේ වීරවරිය වූවාය.ඇය ලකුණු නොමැතිව කඩුල්ලක් ලෙස දිස් වුණ ශ්‍රී ලංකා ලකුණු පූවරුව වෙනුවෙන් දෙවන කඩුල්ලට චමරි අතපත්තු සමඟ ලකුණු 72 සබඳතාවක් ගොඩ නැඟුවේය.යළිත් ලකුණු 37 ක් ලැබූ නිලක්ෂිකා ද සිල්වා සමඟ එක් වූ හසිනි,පස්වන කඩුල්ලට ද ලකුණු 74 ක සබඳතාවක් ඇති කළාය.ශ්‍රී ලංකා ඉණිම ලකුණු 202 දක්වා ගෙන යාමට මූලික වශයෙන් දායක වූ හසිනි දැවී ගියේ 8 වන කඩුල්ල ලෙස ලකුණු 182 දී ය.


බංගලාදේශය වෙනුවෙන් නායිකා නයිජර් සුල්තානා ලකුණු 77 රැස් කළාය.තරගය නිමවන විටත් ලකුණු 64 ලබා නොදැවී සිටි ෂර්මින් අක්තාර් සහ නයිජර් බංගලාදේශය ජය පෙනෙන මානයට කැඳවා එමින් තෙවන කඩුල්ලට ලකුණු 82 ක් එක් කර තිබියදී ෂර්මින්ට අවාසනාවන්ත ලෙස ක්‍රිඩා පිටියෙන් නොදැවීම සමුගන්නට සිඳු වූවාය.


එහෙත් චමරි 50 වන පන්දු ඕවරය සඳහා පන්දුව අතට ගනිද්දී,බංගලාදේශය කඩුලු 5 ලකුණු 194 ක් ලබා සිටියේය.එහෙත් චමරිගේ ඉන්ද්‍රජාලික මැදිහත්වීම නිසා,ජයග්‍රහණයට ලකුණු 9 ක් පසුපසින් සිටි බංගලාදේශය 50 වන ඕවරයේ ලබා ගත්තේ එක ලකුණක් පමණි.ඒ වෙනුවට ශ්‍රී ලංකාව බංගලිදේශයෙන් දුවද්දී දැවීමක් ද සමඟ කඩුලු හතරක් උඳුරා ගත්තේය.


ශ්‍රී ලංකාව මේ ජයත් සමඟ ලකුණු හතරක් දක්වා තම ලකුණු සටහන ඉහළට දමා ගත්තේය.පියවරක් පෙරට පැමිණ හයවන තැනට පැමිණි අතර වැදගත්ම දේ පස්වන සහ සිව්වන තැන සිටින නවසීලන්තය සහ ඉන්දියාවද ශ්‍රී ලංකාව සමඟ සමව ලකුණු 4 ක් ලබා තිබීමය.
මෙහිදී ශ්‍රී ලංකාවට තව එක් තරගයක් පමණක් ඉතිරිව තිබෙන අතර ඉන්දියාවට සහ නවසීලන්තයට තරග දෙකක් ඉතිරිව ඇත.
පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ලද පළමු ජයග්‍රහණයේ ලකුණු පූවරුවට පිවිසෙන මඟය.


https://www.espncricinfo.com/series/icc-women-s-world-cup-2025-26-1478193/bangladesh-women-vs-sri-lanka-women-21st-match-1490433/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...