රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW :
ශ්රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ එය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතියි.
මේ තත්ත්වයත් සමඟ දිවයින පුරා සහ අවට මුහුදු ප්රදේශවල වැසි සහ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට නියමිත අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු වේ.
එසේම, වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ ගොස් ඒවා ඉතා රළු ස්වභාවයක් ගත හැකි බැවින්, ධීවර සහ නාවික ප්රජාව මේ සම්බන්ධයෙන් කාලගුණ අංශ ලබාදෙන උපදෙස් දැඩි ලෙස පිළිපැදිය යුතුය.


