ඕමානයේ සුල්තාන්වරයා ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අක්තපත්‍ර භාරගනී

Date:

ඕමාන සුල්තාන් රාජ්‍යය සඳහා අභිනවයෙන් පත් වූ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපති ඒ. එල්.සබරුල්ලා ඛාන් මැතිතුමා, 2022 ඔක්තෝම්බර් 18 වැනි දින, මස්කට් හි අල් බරකා මාලිගයේ දී, ඕමාන සුල්තාන් රාජ්‍යයේ සුල්තාන්වරයා වන හයිතම් බින් තාරික් උතුමාණන් වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව, තානාපතිවරයා සුල්තාන්වරයා සමඟ පැවැත්වූ හමුව අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සුබපැතුම් සුල්තාන්වරයා වෙත පිරිනමන ලදි. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින සුහද සබඳතා පිළිබඳව සඳහන් කළ තානාපතිවරයා, ඕමානය මෑතක දී මෙරටට පිරිනැමූ වෛද්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගය ඇතුළුව ඕමාන රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. දෙරටේ ඒකාබද්ධ අවශ්‍යතා සපුරාළීමට ඉවහල් වන ආකාරයෙන් බහුවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා තමන් උපරිමයෙන් උත්සාහ කරන බවද එතුමා මෙහිදී තහවුරු කළේය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පළ කළ සුබපැතුම් සම්බන්ධයෙන් සිය ස්තුතිය පුද කළ සුල්තාන්වරයා, තානාපතිවරයා සාදරයෙන් පිළිගත්තේය.

රාජකීය සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, රාජකීය සන්ධාන කටයුතු අංශයේ ප්‍රධානියා, ඕමානයේ රාජකීය ආරක්ෂක අංශයේ සේනා ආඥාපති සහ සුල්තාන්වරයාගේ හමුදා සහයකයන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. තානාපති කාර්යාලයේ උපදේශක දිලිනි අබේසේකර මහත්මිය ද තානාපතිවරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූවා ය. එතුමිය තානාපතිවරයාගේ දියණිය වේ.

තානාපති සබරුල්ලා ඛාන් මැතිතුමා 1994 වසරේ දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකි. එතුමා මීට පෙර අම්මාන්, බැංකොක්, නවදිල්ලිය, රියාද්, ජෙඩා, අබුඩාබි, චෙන්නායි සහ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල විවිධ තනතුරු දරමින් සේවය කළේය. එතුමා අවසන් වරට නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය. එතුමා විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර්, සන්ධාන, ආර්ථික කටයුතු සහ දේශපාලන කටයුතු යන අංශවල සේවය කළ අතර මීට ප්‍රථම අතිරේක ලේකම් තනතුර ද දැරීය.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2022 ඔක්තෝබර් 20 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහකාර පොලිස් අධිකාරී ඕලුගලට විශේෂ රාජකාරියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සහකාර පොලිස් අධිකාරී...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත: දෙවන වර කියවීම හෙට!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත හෙට දින...

ඇමති විජිතගේ ස්ථාවරය ප්‍රබලයි.විය යුත්තේ එයයි – මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

කොළඹ LNW: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විදේශ කටයුතු...

ආගම මැයෙන් මිනිසුන් කුපිත කරවන ආගමික නායකයන් මැද, ආදරයේ පණිවිඩය ක්‍රියාවෙන් ඔප්පුකළ පාප්වහන්සේ: සමරිසි බැතිමතුන් දහස් ගණනින් වතිකානුවට!

ආගම මැයෙන් මිනිසුන් කුපිත කරවන ආගමික නායකයන් මැද, ආදරයේ පණිවිඩය ක්‍රියාවෙන් ඔප්පුකළ පාප්වහන්සේ: සමරිසි බැතිමතුන් දහස් ගණනින් වතිකානුවට!