සිරිනිවාස නාහිමිගේ ආදාහනයට රාජ්‍ය අනුග්‍රහය එපා – වැඩබලන අටමස්ථානාධිපති හිමි

Date:

අපවත් වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීම කාරුණිකව ප්‍රතික්ෂේප කරන බව වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන් පවසයි.

රට දැඩි ආර්ථික අර්බුදයකට පත්ව, ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මෙවන් මොහොතක සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් රජයෙන් මුදල් ලබාගෙන වියදම් කිරීම උන්වහන්සේට කරන නිගාවක් සහ අගෞරවයක් බැවින් මෙසේ රාජ්‍ය අනුග්‍රහය ප්‍රතික්ෂේප කරන බවයි එහිමි සඳහන් කළේ.

සිරිනිවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට සිය ගෞරවය පුද කරන බව පැවසූ එහිමි මෙය රජය අපහසුතාවට පත්කිරීමක් නොව ජනතාව ගැන සිතා එළඹුණු පියවරක් බවත් අවධාරණය කළේය.

අනුරාධපුර අටමස්ථානයට දායකයින් විශාල පිරිසක් සිටින බැවින් ඔවුන්ගේ උදව් ඇතිව ආදාහන කටයුතු සිදුකිරීමට තමන්ට හැකි බවත් හේමරතන හිමි ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ Facebook, X අවකාශය සහ Youtube අක්‍රිය කෙරේ!

කොළඹ LNW:නේපාල රජය නිකුත් කර ඇති සමාජ මාධ්‍ය ජාලා...

භූමිකම්පාවෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඉදිරියේදී කුමක් සිදුවේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): විනාශකාරී භූමිකම්පාවක් ඇෆ්ගනිස්ථානයේ...

වායු දුෂණය ඩිමෙන්ශියා රෝගයට හේතු විය හැකි බව පර්යේෂණ මඟින් සොයා ගැනේ,

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වායු දුෂණය...

ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක...