කයිවාරුවලින් රට ගොඩනගන්න බැහැ. අවශ්‍යවන්නේ සේවය ලබාදීමයි – විපක්ෂ නායක සජිත්

Date:

වර්තමානයේ ජනතාවට තිබෙන්නේ, ජීවත්වීම පිළිබඳ සටනක් බවත්,ආණ්ඩුවට ඇත්තේ බලය රැක ගැනීම පිළිබඳ සටනක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව, සැලසුම් සහගත සංවර්ධනය බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට අවශ්‍ය ඕනෑම මොහොතක තනතුරු තාන්නමාන්න වලින් තොරව රජයට සහය ලබාදීමට සුදානම් බව පැවසූ විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහතා, ඒ වෙනුවෙන් ආණ්ඩුවට අවංක උවමනාවක් තිබිය යුතු බවද අවධාරණය කළා.

“හුස්මක්” වැඩසටහන සමගි ජන බලවේගය ආරම්භ කළේ, කොරෝනා ව්‍යසනයෙන් රට දැඩි පීඩාවකට ලක්ව සිටි මොහොතේ මේ රටේ සුවහසක් ජනතාවට සහනයක් සැලසීම අරමුණු කරගෙන බවද සිහිපත් කළා. සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ, අද එය අති සාර්ථක වැඩසටහනක් ලෙස රට පුරා ක්‍රියාත්මක වන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මේ බව ප්‍රකාශ කළේ “හුස්මක්” 53 වන අදියර ලෙස රුපියල් 550,000ක් වටිනා දන්ත ශල්‍ය වෛද්‍ය උපකරණ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයට පරිත්‍යාග කිරිමේ අවස්ථාවට පෙරේදා (19) එක්වෙමින්.

“හුස්මක්” සමාජ සත්කාර වැඩසටහ මගින් මේ වනවිට පරිත්‍යාග කර ඇති රෝහල් උපකරණ සහ ඖෂධවල වටිනාකම රුපියල් 160,266,900ක්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන් ඒකනායක අද යළි CID කැඳවයි!

කොළඹ LNW: හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද...

ටියානාට පෑන් ඇමෙරිකානු 15 න් පහළ යුගල සූරතාවය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 01, කොළඹ LNW: ආර්ජෙන්ටිනාව කේන්ද්‍ර කර ගනිමින්...

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් : මියගිය පිරිස 20 ඉක්මවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ රික්ටර්...