ගල් අඟුරු නැවක් එයි …

Date:

නොරොච්චෝලේ තාප බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු නෞකාවක් ලබන අඟහරුවාදා (25) දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

ගල් අඟුරු ආනයනය සඳහා මීට පෙර ගිවිසුම්ගතව සිටි සමාගමෙන්ම මෙම ගල් අඟුරු තොගය ලබාගැනීමට පියවර ගත් බවයි එම සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ.

ඒ අනුව, නොරොච්චෝලේ තාප බලාගාරයේ කටයුතු ගල් අඟුරු හිඟයකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

නොරොච්චෝලේ තාප බලාගාරය සතුව දැනට පවතින ගල් අඟුරු තොගය මේ මාසය අග වනවිට අවසන් වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...

ආපදාවට ලක්වූ කර්මාන්ත සහ ව්‍යාපාර වෙත බැංකු සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත...

සාවද්‍ය පුවතක් ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ...

ආපදාවෙන් අඩාල වූ ජනජීවිත ගොඩගන්න රු. බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:හෙට (18) දින පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි...