මේක අනම්‍ය ආණ්ඩුවක් නෙවෙයි.තවදුරටත් ආනයන සීමා ලිහිල් කරන්න බලනවා (VIDEO)

Date:

ඉදිරි සති දෙකක කාලය තුළ තවදුරටත් ලිහිල් කළ හැකි ආනයන සීමා සම්බන්ධයෙන් රජය අවධානය යොමුකිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (21) මාධ්‍ය වෙත පැවසුවේය.

ඒ, කටුනායක රෙගු අංගනයක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය.

රටේ පැවති විදේශ විනිමය තත්ත්වය මත මහ බැංකුවේ පර්යේෂණ අංශය මඟින් භාණ්ඩ 1500ක පමණ ප්‍රමාණයකට පසුගිය අගෝස්තු මස ආනයන සීමා පැනවුණු අතර ලද පැමිණිලි,ඉල්ලීම් ගැන සලකා බලා සැප්තැම්බර් 09 වැනි දින සිට භාණ්ඩ 700ක් සම්බන්ධයෙන් පනවා තිබුණු සීමා ලිහිල් කෙරුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව තවදුරටත් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ලැබෙන ඉල්ලීම්,දුක්ගැනවිලි පිළිබඳ ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් සලකා බලා ඉදිරියේදී එම සීමා ලිහිල් කිරීමට සූදානම් බව හෙතෙම සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...