පොලිස්පතිට යළි සේවා දිගු නෑ. නව පොලිස්පති පත්කිරීම ඉක්මනින්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මින් ඉදිරියට සේවා දිගු ලබානොදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් වික්‍රමරත්න මහතාට සති තුනක සේවා දිගුවක් පසුගියදා ලබාදුන් අතර එය ඒ මහතාට ලැබුණු තුන්වැනි සේවා දිගුවයි.

එම සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත නොකිරීම තුළ ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අතර යම් මතභේදාත්මක තත්වයක් ද නිර්මාණය වී තිබිණි.

කෙසේවෙතත් නව පොලිස්පතිවරයා තෝරාගැනීමට අදාළ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින අතර ඉක්මනින්ම නව පොලිස්පතිවරයා පත්කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත්තේ.

RN