දැවන්ත පරාජයකින් තරගාවලිය ඇරඹු දකුණු අප්‍රිකාව දැවන්තම ජයග්‍රහණයේ හිමිකාරියන් වෙයි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 22,  කොළඹ LNW:

මෙවර කාන්තා ලෝක කුසලාන තරගාලියේ ආරම්භක තරගයේදී කඩුලු 10 ක් දැවන්ත පපරාජයක් ලබමින් තරගාවලියේ ආරම්භය සටහන් කළ දකුණු අප්‍රිකාව ඊයේ මෙවර තරගාවලියේ දැවන්තම ජය වාර්තා කරන්නට සමත් වුණා.ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ වාර්තා වුව ද ලකුණු 150 ක ජයක් යනු අති දැවන්ත ජයග්‍රහණයක්.
වර්ෂාව දකිමින් සහ දකුණු අප්‍රිකාවේ ස්වභාවය දකිමින් පකිස්තානය කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.ටෂ්මින් බ්‍රිට්ස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කරමන් එම තීරණයේ සාධාරණත්වය පෙන්නුම් කළ ද,දෙවන කඩුල්ල වෙනුවෙන් කාසියේ වාසියෙන් පසුව පකිස්තාන නායිකාව ගත් තීරණය ප්‍රශ්නකාරී එකක් බවට පත් කළා.


නායිකා ලෝරා නොල්ඩර්මට් සහ සුනේ ලූස් දෙවන කඩුල්ල වෙනුවෙන් ඇති කළ සබඳතාවය ලකුණු 118 ක්.එයින් ලකුණු 61 ක් ලබා ගත් සුනේගේ දැවී යාමෙන් පසුව දකුණු අප්‍රිකානු ඉණිම ඉහළට තල්ලු කරමින් සිටි නායිකා ලෝරා දැවී ගියේ සිද්රා නවාස් ගේ දක්ෂ ස්ටම්ප් කිරීමකට හසුව සිව්වන කඩුල්ල ලෙස ලකුණු 90 ක් රැස් කිරීමෙන් අනතුරුවයි.පන්දු 82 න් ලැබූ එම ලකුණු 90 අඩිතාලම පසුපෙළට වන්නට ඇති කළ නිදහසේ තරම හොඳින්ම ප්‍රදර්ශනය කළේ මැරිසන් කැප් සහ නදිනි ඩි ක්ලාක් දෙදෙනායි.ඒ නිසා වැස්ස විසින් පන්දු වාර 40 සීමා කළ තරගයේ දකුණු අප්‍රිකානු ලකුණු පූවරුව පන්දු වාර 40 නිමාවේ කඩුලු 9 ට ලකුණු 312 ක් වුණා.


නදිනි තවත් වේගවත් ඉණිමක් දියත් කරමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර තුනක් සමඟ පන්දු 16 න් ලකුණු 41 ක් රැස් කරනු ලැබුවා.මැරිසන් දකුණු අප්‍රිකානු ඉණිම නිමා වෙන තෙක්ම නොදැවී සිටිමින් පන්දු 43 දී නොදැවී ලකුණු 68 ක් රැස් කරනු ලැබුවා.එතෙකින් නොනැවතී පකිස්තානු පිළිතුරු ඉණිමේදී ලකුණු 20 කඩුලු 3 ක් ද දවා ගත් ඇය තරගයේ විරවරිය ද වූවා.
ඊයේ දවස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩාංගණ භාර සේවකයන්ගේ මැදිහත්වීම අපූරුවට සටහන් වුණ දවසක් වුණා.පිටිය රැක ගනිමින් තරගයට සුදුසු ලෙස පවත්වාගෙන යන්නට ඔවුන් පෙන් වූ කැපවීම ක්‍රිකට් ලෝකය තුළ ප්‍රශංසාවට ලක් වෙමින් ඉදිරියට ගලා ගිය තරගය තීරණයක් ලැබිය හැකි මට්ටමෙන් නිමා කරන්නට තරම් දුරක් රැඟෙන යාමේ අවස්ථාව සකසා දුන්නේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ සේවකයින් බව පැවසිය යුතුයි.


ලෝකයම අගය කරන මේ පිරිස සම්බන්ධයෙන් ගලා එන වාචික ප්‍රශංසා මෙන්ම ක්‍රිකට් පරිපාලනය ද ඒ ඇගයිම් ලබන පිරිසට හොඳ ජීවිතයක් ගත කරන්නට අවශ්‍යය වේතනයක් ද සකසා ඇති බව මීට පෙර ද අප සඳහන් කළා.රටට ක්‍රිකට් හරහා කීර්තිය ගෙනෙන පිරිසක් හැටියට ඔවුන්ගේ ආර්ථිකය වෙනුවෙන් ලැබෙන එම සහයෝගයද අගය කළ යුතු වෙනවා.
මේ සේවක වෙහෙස විසින් පකිස්තානයට ලබා දුන් ලකුණු ඉලක්කය හඹා යාම පන්දු වාර 20 ක් දක්වා තරගය ඉදිරියට රැඟෙන යාමට හේතු වුණා.එම පන්දු වාර 20 තුළ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් රැස් කර ගත යුතු වූ ලකුණු ප්‍රමාණය ලකුණු 234 ක් වුවත්,පකිස්තානයට එම අපහසු ඉලක්කයෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 83 ක් පමණයි.ඒ වෙනුවෙන් කඩුලු 7 ක් කැප කරන්නටත් පකිස්තානයට සිදු වුණා.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවයි.
https://bit.ly/49bOhZl

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...