විදුලි බලේ නව ආයතන වෙත අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ. අනුගතවීමට අකමැති සේවකයින්ට ඉවත් වීමට හැකියි!

Date:

කොළඹ LNW: විදුලි බල සංශෝධන පනත යටතේ පිහිටවූ ආයතන වෙත අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්වීම් ලිපි බලශක්ති අමාත්‍යංශයේදී විෂය භාර අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ අනුව, ජාතික පද්ධති පාලන (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශන පෙරේරා මහතා පත් කෙරුණු අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ජී.ජේ. අලුත්ගේ, යූ.ඩී. නෙරංජිත් යන මහත්වරුන්ද, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස පී.එන්.එස්. කුමාරතුංග මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.කේ.එස්. මහින්දසිංහ, එන්.එන්. වෙත්තසිංහ යන මහත්වරුන්ද, විදුලි ජනන ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.ජී.ඒ. සාලිය ජයසේකර මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි යන මහත්වරුන්ද, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආර්.රෝහිත ජයරත්න මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.බී. ඒකනායක, සී.කේ. රණතුංග යන මහත්වරුන් හට පත්වීම් ලිපි ලබා දෙන ලදී.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙම ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් ලෙස කැපවී කටයුතු කළ යුතු බවත් රටේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය ඒ මත රඳා පවතින බවත් රජයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව මෙම ආයතන ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

මේ අතර ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද අමාත්‍යවරයා ලංකා විදුලි බල මණ්ඩලයේ සංශෝධිත පනත අනුව පිහිටවූ අම්යතන හා සේවකයින් පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන ලදී.

නව ආයතන හතර සඳහා සේවකයින් අනියුක්ත කරන අතර ඊට අකමැති අයට දැනට යෝජනා අකර ඇති ස්වේච්ජා වන්දි ක්‍රමයට අනුගතව සේවයෙන් ඉවත්ව ය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...

හේම කුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී...