වැලිගම සභාපතිගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියූ දේ!

Date:

කොළඹ LNW: වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කණ්ඩායම් හතරක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇතැයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පැවසුවේය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් එම විමර්ශන සිදුකරන අතර කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි වුට්ලර් මහතා සඳහන් කළේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් සභාපතිවරයාට වෙඩි තබා තිබුණු අතර කුඩා අවියක් භාවිතා කර වෙඩි තැබීම සිදුකර ඇති අතර උණ්ඩ හතරක් යොදා ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

මෙම ඝාතන සිද්ධිය දේශපාලන පළිගැනීමක්ද, නැතහොත් පෞද්ගලික කාරණයක්ද යන්න නොව පොලීසිය වෙත අපරාධමය සිදුවීමක් වාර්තා වූ විට මුඛ්‍ය පරමාර්ථය වන්නේ සැකකරුවන්,වරදකරුවන්, අපරාදකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම බවද වුට්ලර් මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...