පෝලියෝ තුරන් කිරීමේ වැඩසටහන තර්ජනයට ලක්ව ඇති බව WHO සංවිධානය කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දශක ගණනාවක් තිස්සේ ගෝලීය සෞඛ්‍ය ඉලක්කයක් වී ඇති පෝලියෝ තුරක් කිරීමේ වැඩසටහන මුදල් ප්‍රතිපාදන අහිමිවීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පත්වීමෙන් පසු WHO වෙතින් ඉවත් වීම හා ඒ වෙනුවෙන් ලබාදුන් ආධාර කපා හැරීම හා ජර්මනිය සහ එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් ප්‍රධාන පරිත්‍යාගශීලීන් ද ඒ හා සමානව දායක මුදල් අඩු කිරීම මෙයට හේතු වී ඇත.

ඒ අනුව, 2029 වන විට ඩොලර් බිලියන 1.7 ක අරමුදල් පරතරයකට මුහුණ දෙනු ඇති බවට පුරෝකථන ඉදිරිපත් වී ඇති අතර 2025 වසරේද රෝගය ආවේණිකව පවතින රටවල් දෙක වන ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්තානයේ පෝලියෝ රෝගීන් 36 ක් වාර්තා වී ඇති අතර නයිජීරියාවේ 149 දෙනෙකු වාර්තා වී ඇත.

මෙම අවදානම තිබියදීත්, ගෝලීය සෞඛ්‍ය නිලධාරීන් අවධාරණය කරන්නේ රෝගය සදහටම අවසන් කිරීම සඳහා අඛණ්ඩ එන්නත් කිරීම සහ නිරීක්ෂණය ඉතා වැදගත්වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...