රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW :
ශ්රීලන්කන් ගුවන් සේවය විසින් සිය තොරතුරු තාක්ෂණ පද්ධතිවලට සයිබර් ප්රහාරයක් එල්ල වූ බවට පල වූ වාර්තා දැඩි ලෙස ප්රතික්ෂේප කරනු ලැබ ඇත.
පසුගිය ජූනි 29 වන දින මෙම පුවත වාර්තා වීමත් සමඟම සමාගම විසින් ක්ෂණික තාක්ෂණික පරීක්ෂණ සහ ආරක්ෂක විමර්ශන ක්රියාත්මක කරන ලදී.
සිදුකළ එම පරීක්ෂාවන් මඟින් ගුවන් සේවයේ අභ්යන්තර දත්තවලට, මෙහෙයුම් කටයුතුවලට හෝ තොරතුරු පද්ධතිවලට කිසිදු ආකාරයක අයුක්තිසහගත පිවිසීමක් හෝ හානියක් සිදුවී නොමැති බව තහවුරු වී තිබේ.
එසේම, සියලුම විද්යුත් තැපැල් සහ දෛනික සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්රියාත්මක වූ බවද ඔවුන් පෙන්වා දී ඇත.
තවද, කිසිදු පාර්ශ්වයකින් බිට්කොයින් හෝ වෙනත් මුදල් වර්ගයකින් අල්ලස් ඉල්ලීමක් සිදු කර නොමැති අතර එවැනි ගෙවීමක් පිළිබඳව කිසිදු සාකච්ඡාවක්ද පවත්වා නැත.
ඒ අනුව, ආයතනයේ පද්ධති හැකර්වරුන්ගේ පාලනයට නතු වී ඇති බවට කරන සියලු චෝදනා සම්පූර්ණයෙන්ම බොරු බව ගුවන් සේවය නිල වශයෙන් තහවුරු කර ඇත.


