2026 අයවැය ප්‍රගතිය ඉදිරිපත් නොකර 2027ට අයවැයක් ඉදිරිපත් කරන්නේ කොහොමද? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

2026 වසර අදාළව 2025 ඉදිරිපත් කළ අයවැය කතාවෙන් ඉදිරිපත් වූ යෝජනා පිළිබද ප්‍රගතිය ගැන පිළිතුරු දෙන්න කල් දිය නොහැකි බවත් තවත් සති 3කින් 2027 අයවැය ඉදිරිපත් වන බවත් අයවැය යෝජනා සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පමණක් අපේක්ෂිත සංවර්ධන හා ආර්ථික අරමුණ සාක්ෂාත් කර ගත නොහැකි නිසා මේ යෝජනා ඵලදායී ලෙස ක්‍රියාත්මක කරමින් මහජන මුදල්වලට සරිලන ප්‍රතිඵල අත්කර ගැනීම රජයේ වගකීමක් බවත් ඒ අනුව පසුගිය වසර අවසානයේ 2026 වසර සඳහා රජය ඉදිරිපත් කළ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, ප්‍රතිපාදන භාවිතය හා අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනිමට අදාළව තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමිනි.

2027 අයවැය නොවැම්බර් 12 ඉදිරිපත් කරන නිසා 2026 අයවැය යෝජනාවලට අදාළ ප්‍රගතිය ඉදිරිපත් කළ යුතු බවත් 2026 සැප්තැම්බර් 30 වැනි දින වන විට එක් එක් අමාත්‍යාංශ යටතේ ප්‍රතිපාදන අතරින් වැය කර ඇති මුදල සහ වෙන් කර ඇති මුදලත් ඉතිරි මුදලත් මේ කාලයේ අදාළ වියදම්වලට සාපේක්ෂව අත්කර ගෙන ඇති මූල්‍ය හා භෞතික ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මූල්‍ය හා භෞතික ප්‍රගතිය ඉදිරිපත් කරන්න

2025 නොවැම්බර් 7 වැනි දින මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති සාරාංශයේ සඳහන් ක්ෂේත්‍ර 28ට අදාළ විශේෂ ව්‍යාපෘති සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් ප්‍රතිපාදන වෙන් කර ඇති ආකාරයත් මේ එක් එක් ව්‍යාපෘතියේ 2026 සැප්තැම්බර් 30 වැනි දිනට අත්පත් කර ගෙන ඇති මූල්‍ය හා භෞතික ප්‍රගතිය හා අවසන් කාර්තුවේ අපේක්ෂිත ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

දෙසැම්බර් 31 වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය අවසන් විය යුතුයි

2026 වසරේ ඉතිරි කාලය තුළ ක්‍රියාත්මක කිරීමට හෝ සම්පූර්ණ කිරීමට නියමිත අයවැය යෝජනා සහ ඉතිරිව ඇති ප්‍රතිපාදන ප්‍රමාණය අපේක්ෂිත වියදම හා සම්පූර් කිරීමට නියමිත කාලය වගකිවයුතු අය ගැන සැලසුමක් ඉදිරිපත් කරන ලෙසත් වසර අවසානයේ භාවිත නොකර ඉතිරි විය හැකි ප්‍රතිපාදන සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් දෙසැම්බර් 31 වැනි විට මූලය හා භෞතික ප්‍රගතිය අවසන් විය යුතු බවත් 2026 වසරේ වැඩසටහන් 2026 වසරේ අවසන් කරනවාද නැත්නම් ලබන වසරට ද ගෙන යන්නේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාස 8ක් තුළ රාජ්‍ය ආදායම 75.5%ක් දක්වා ඉහළ ගිහින් නිසා වත්මන් ප්‍රගතිය ඉදිරිපත් කරන්න

2026 වසරට රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා සංඛ්‍යාව හා එම එක් එක් යෝජනා සඳහා අනුමත කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය 2026 සැප්තැම්බර් 30 දින විට වැය කර ඇති මුදල හා අත්පත් කර ගෙන භෞතික ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් Daily Ft අනුව පළමු මාස 8 තුළ රාජ්‍ය ආදායම වාර්ෂික ඇස්තමෙන්තුවෙන් 75.5% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන නිසා ප්‍රග්ධන වියදම් ක්ෂුද්‍ර ණය ප්‍රගතිය 25.4%ක් බවට වාර්තා වන බවත් එම නිසා වත්මන් ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශ ආධාර හා ණය මත ක්‍රියාත්මක ව්‍යාපෘති කවරේද?

2026 වසර තුළ එක් එක් අමාත්‍යාංශය සඳහා මුලින් වෙන් කරන ලද ප්‍රතිපාදන සංශෝධනය කිරීම හෝ වෙනත් කර්ය සඳහා මාරු කර ඇත් නම් මේ එක් එක් අවස්ථාවට අදාළව මුදල් ප්‍රතිපාදන ප්‍රමාණය සංශෝධිත ප්‍රතිපාදන ප්‍රමාණය මාරු කරන ලද මුදල මෙම සංශෝධන හා මාරු කිරීමට හේතු අනුමැතිය ලබා දුන් ක්‍රමවේද හා වගකිවයුතු නිලධාරීන් ඉදිරිපත් කරන ලෙසත් 2026 වසර තුළ විදේශ ආධාර හෝ විදේශ ණය මත ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාවත් මේ ව්‍යාපෘති සඳහා අනුමත ව්‍යාපෘති පිරිවැය 2026 වසරට වෙන් කර ඇති ප්‍රතිපාදන සැප්තැම්බර් 30 වන විට අත්කර ගෙන ඇති ප්‍රගතිය හා ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත කාලය ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

*ලැබුණු සෘජු විදේශ ආයෝජන මොනවාද?

2026 වසර තුළ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ගෙන ඇති වැඩසටහන් හා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සේම 2026 වසරේ සෘජු විදේශ ආයෝජන ඉලක්කයත් සැප්තැම්බර් 30 වන විට සැබැ ලෙස ලැබුණු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයත් මෙහි ප්‍රධාන ආර්ථික අංශ හා මූලාශ්‍ර රටවල් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය ව්‍යාපාරවල ලාභය ගැනත් තොරතුරු අවශ්‍යයි

රජය සතු ව්‍යාපාර ආයතන සංඛ්‍යාව හා 2026 වසරේ පළමු කාර්තු 3 තුළ මේ ආයතන අත්කර ගත් ලාභය හා අලාභයත් අලාභ ලබන ආයතන සදහා අලාභ පියවා ගැනීමට හා මූල්‍ය කාර්ය සාධනය වැඩි කර ගැනීමට ගෙන ඇති පියවරත් මේ ආයතන සඳහා 2027 වසරේ දී රජයේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන්නේ නම් මේ ප්‍රතිපාදනවල ඇස්තමේන්තුගත ප්‍රමාණ හා අරමුණු ඉදිරිපත් කරන ලෙසත් මේවාට කල් නොගෙන ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සභානායකට ඔ්නි ප්‍රශ්න අපි අහන්නේ නෑ

ආණ්ඩුව හෝ සභානායකට අවශ්‍ය ලෙස විපක්ෂය ප්‍රශ්න අහන්නේ නැති නිසා අයවැයට පෙර 2026 ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් මේවාට උත්තර නොමැතිව 2027 අයවැය කතාව කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : උඩප්පුවට ඔබ්බෙන් වූ...

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...