මහ වැස්සෙන් කොළඹ වීදි කිහිපයක්ම ජලයෙන් යටවෙයි!

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත මුස්ලිම් පල්ලිය අසල ප්‍රදේශය, සංඝරාජ මාවත සහ බ්ලූමැන්ඩල් මාවත ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශවල රථවාහන තදබදයක් හටගෙන තිබේ.

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට වී ඇති අතර එය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කරමින් පවතින බවත්, මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දවස පුරාම වැසි අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.

එමෙන්ම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් ඉදිරි දිනවලදී බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන පිරිස්, විශේෂයෙන්ම බහුදින ධීවර යාත්‍රා පදවන්නන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්‍ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ගාල්ල කරාපිටිය ජාතික...

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...

හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!

කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ...

දේශීයව නිෂ්පාදිත ගිනිඅවි නිසා වනජීවී අපරාධකරුවන් සෙවීම දුෂ්කර වී තිබේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : දේශීයව නිෂ්පාදිත ගිනිඅවි...