හැකර්වරු නැවත ඉරාන රජයේ රෙදි ගලවති!

Date:

මීට හරියටම මසකට ඉහත දී (සැප්තැම්බර් 21) ඉරානයේ මහ බැංකුව ඇතුළු රජයේ වෙබ් අඩවිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ අයුරුත්, එම හැකර් ප්‍රහාරය හුදෙක් කඩාකප්පල්කාරී ක්‍රියාවකින් ඔබ්බට ගිය ඉරානයේ පීඩිත පාලනයට එරෙහිව සයිබර් අවකාශයේ පිබිදීමක් ලෙස ඔවුන් අර්තනංවා ගත් අයුරු පිළිබඳවත් අපි ඔබට තොරතුරු වාර්තා කළෙමු.

මෙම හැකර් ප්‍රහාරය දියත් කර තිබුණේ ඇනෝනිමස් (Anonymous) යන දැවැන්ත හැකර් සමූහය හා සබඳතාවයක් තිබෙන්නේ යැයි කියන ස්පයිඩර් (Spid3r) යන නාමයෙන් හඳුන්වා ගන්නා හැකර් ක්‍රියාධරයන් (hacktivists) පිරිසක් විසිනි.

දැන් වාර්තා වන අන්දමට තවත් හැකර් කණ්ඩායමක් ඉරාන රජයට එරෙහිව යුධ ප්‍රකාශ කර තිබේ.

ඊයේ (ඔක්තෝබර් 21) දින, එනම් ඉරාන රජයට එරෙහි පළමු හැකර් ප්‍රහාරය එල්ල වී හරියටම මාසයක් පිරෙන දිනයේ බ්ලැක් රිවෝඩ් (Black Reward) නම් ඉරාන හැකර් කණ්ඩායම විසින් ඉරානයේ න්‍යෂ්ඨික බලශක්ති නිශ්පාදන සහ සංවර්ධන සමාගමේ (Nuclear Power Production and Development Company) විද්‍යුත් තැපෑල පද්ධතිය හැක් කිරීමට සමත්ව තිබෙන බව වාර්තා වේ.

බ්ලැක් රිවෝඩ් නම් හැකර්වරුන්ගේ කණ්ඩායම ඉරාන රජයට තර්ජනය කරමින් ප්‍රකාශ කරන්නේ මුල්ලා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගෙන යනු ලබන පිළිකුල් සහගත න්‍යෂ්ඨික ව්‍යාපෘති (dirty nuclear project of the Mullahs’ regime) පිළිබඳව තොරතුරු පිටතට දමන බවයි.

ඉරාන රජයට එරෙහිව එරට ගෙන යන දැවැන්ත ජන අරගල හමුවේ අත්අඩංගුවට පත් දේශපාලන සිරකරුවන් එළඹෙන පැය 24 ඇතුළත නිදහස් නොකරන්නේ නම් මෙකී න්‍යෂ්ඨික ව්‍යාපෘති පිළිබඳ තොරතුරු පිටතට දමන බවයි එම හැකර් කණ්ඩායම තර්ජනාත්මක ස්වරයෙන් පවසන්නේ.

මීට අදාළව ඡායාරූප පෙළක් ද එම හැකර් කණ්ඩායම විසින් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර තිබේ.

සබැඳි පුවත්:

Isuru Parakrama_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...