විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරලා – පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව හෙලි කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ, විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි බවයි.

එක් ආයතනයක් පමණක්, ඉන් වාහන 75ක්ම ගෙන්වා ඇති බවත්, වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්‍ර අලෙවි කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බවත් සොයාගෙන ඇත.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 250,000ක් වටිනා බලපත්‍රය අලෙවි කිරීමට රුපියල් මිලියන 5ක තීරු බද්දක් අය කරන බව ද කාරක සභාව හමුවේ අනාවරණය වී ඇති අතර, ඒ හරහා ජාවාරම්කරුවන් විශාල ආදායමක් උපයා ඇත්තේ, රජයේ බදු ආදායම ද අහිමි කරමින් බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පවසයි.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා එහිදී දැනුම් දී ඇත්තේ, විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ලෙස භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි.

අදාළ වාහන සඳහා නිසි පරිදි තීරු ගාස්තු අය කළේ නම් රටට ලැබිය යුතු ආදායම ගණනය කරන ලෙස සභාපතිවරයා ශ්‍රී ලංකා ‍රේගුවට නි‍ර්දේශ කර ඇති අතර , අදාළ බලපත්‍රය, විධිමත්ව භාවිත කිරීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...