දියඇලි ආශ්‍රිත ව දියනෑම ඉතා අවදානම් – බදුල්ල දිස්ත්‍රික් ලේකම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දියඇලි ආශ්‍රිත ව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, එම දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලීමක් කර තිබේ.

එහි ඇති දැඩි අවදානම පෙන්වා දෙමින් , දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ, දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස සංචාරකයන් ඇතුළු පිරිස්වලින් ඉල්ලීමක් සිදු කරන බවයි.

විශේෂයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාවනා ඇල්ලේ ජලය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සහ ඒ පිළිබඳ සැලකිළිමත් වන බවද දන්වා සිටී.

මේ අතර, හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය කොටස දෙපස අද (22) අලුයම සිට නැවතත් නාය යාම ආරම්භ වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්.  උදයකුමාර මහතා පැවසීය.

අංක14 හා 15  නිවාස පේළි දෙකට ඉහළ කොටස මෙසේ නායයාම සිදු වෙමින් පවතී. මෙම  කන්ද ටිකෙන් ටික පහළට එන අයුරු දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති. 

 අක්කර දෙකක පමණ කොටසක් මෙසේ මේ වන විට නායයාමට ගොදුරු වී ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.

 මෙම නිවාස පේළි දෙකෙහි පදිංචිව සිටි පවුල් තිස්තුනක් ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත් දින ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථානයක රැඳවීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී මහත්මිය පියවර ගෙන තිබුණි.

2014 වර්ෂයේ සිදු වූ ශ්‍රී ලංකාවේ විශාලතම නායයාමක් ලෙස මෑත කාලයේ දී වාර්තා වූ කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායයාම දෙපස මෙලෙස නාය යාම ආරම්භ වී තිබේ.

මෙම ස්ථානයේ නිවාස පේළි දෙකක් පාසල් ගොඩනැගිලි කීපයක්හ හ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටා තිබේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...