ලලිත් කූගන් අතුරුදන් කරවීම – නඩුවේ සාක්ෂි දෙන්න ගෝඨාභය යාපනයට එන්න බැහැ කියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයකදී එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සාක්ෂි ලබාදීමට සූදානම් බව සිය නීතීඥයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබාදී ඇති තීන්දුවකට එරෙහිව අතුරුදන් වූවන්ගේ ඥාතීන් ගොනු කළ පෙත්සමක් ඊයේ (ඔක්තෝබර් 22) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවයි.

එහෙත් යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීම සඳහා ඔහු කැමැත්තෙන් පසුවන බවත් ජනාධිපති නීතීඥවරයා පැවසීය.

ඊට පෙත්සම්කාර පාර්ශ්වය ද විරෝධය පළ කර නොතිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...