ලලිත් කූගන් අතුරුදන් කරවීම – නඩුවේ සාක්ෂි දෙන්න ගෝඨාභය යාපනයට එන්න බැහැ කියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයකදී එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සාක්ෂි ලබාදීමට සූදානම් බව සිය නීතීඥයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබාදී ඇති තීන්දුවකට එරෙහිව අතුරුදන් වූවන්ගේ ඥාතීන් ගොනු කළ පෙත්සමක් ඊයේ (ඔක්තෝබර් 22) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවයි.

එහෙත් යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීම සඳහා ඔහු කැමැත්තෙන් පසුවන බවත් ජනාධිපති නීතීඥවරයා පැවසීය.

ඊට පෙත්සම්කාර පාර්ශ්වය ද විරෝධය පළ කර නොතිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...