2028 යළි අර්බුදයට නොයා ණය ගෙවන්න නම් මේ ඡන්දයේදී ජනතාව ගන්න තීන්දුව තීරණාත්මකයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අදටත් අප රට බංකොලොත්, ණය ගෙවා ගත නොහැකි, ආර්ථික වර්ධනය අවම, දුගී දුප්පත්කම වැඩි වන රටක් බවත් තරුණයින්ගේ රැකියා ගැටලුව නොවිසඳෙන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වී කර්මාන්ත ව්‍යාපාර කඩා වැටෙන බවත් මේ තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම් මහමැතිවරණයෙන් සමගි ජන බලවේගයට වරමක් ලැබිය යුතු බවත් ඒ හරහා දුප්පත්කම තුරන් කරන රැකියා ගැටලු විසඳන ව්‍යාපාර ගොඩනගා ආර්ථිකය ශක්තිමත් කරන දර්ශනය හා වැඩපිළිවෙළ දිනවිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට දියුණු කරන, රට සංවර්ධනය කරන එකම සාර්ථක වැඩපිළිවෙළ සමගි ජන බලවේගය සතු බවත් මේ පොදු ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කර ගත් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලට ගැටලුවලට විසදුම් ලබා දෙන සාමාන්‍ය ජනතාවට ශක්තිමත් රටක් ගොඩනැගිය හැකි කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේයට බවත් පැවසූ ඒ මහතා 2028 සිට නැවත ණය ගෙවීමට සිදුවන නිසා මෙවර මහමැතිවරණයේ දී ජනතාව ලබා දෙන තීන්දුව තීරණාත්මක බවත් පෙන්වා දුන්නේය.

එම නිසා රට විනාශ වන, රටේ ආර්ථිකය පළුදු කරන තීන්දු නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් සෘජු විදේශ ආයෝජන රටට ගෙනවිත් කර්මාන්ත බිහි කර රැකියා බිහි කර සංවර්ධනය ශීඝ්‍ර ගමනින් ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම බිහි කළ යුතු බවත් ඒ සඳහා ජනතාව නිවැරදි තීන්දුව ලබා ගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

රට ගොඩගත හැක්කේ සමගි ජන බලවේගයේ දර්ශනය හා වැඩපිළිවෙළ හරහා පමණක් බවත් අයි එම් එෆ් ගිවිසුමේ ඇති ජනතා විරෝධී ජනතාවගේ කරපිට බර පටවන කොන්දේසි ඉවත් කළ හැකි වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට බවත් පැවසූ ඒ මහතා දුප්පත්කම තුරන් කිරීමට, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට හැක්කේ කාටද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නැගෙනහිර කොළඹ කොට්ඨාසයේ අනුරාධ විමලරත්න මහතා සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...