*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ඔළුව පස්සට ගෙන නැට්ට ඉස්සරහට ගැනීම

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 23,(LNW) කොළඹ :

ඇතැම් අයගේ මතය නව රජය යටතේ පැවති වැරදි තීරණ වැඩිම ප්‍රමාණයක් ඒ ආකාරයෙන්ම පවතින්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ බවය.ඒ සියල්ල ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පාදක කරගෙන එල්ලවන විරෝධතා වීම කණගාටුදායකය.යම්කිසි ආකාරයකට වැරදි ලෙස පෙන්වා දෙන දේ නිවැරදි කිරීමෙන් තමන්ගේ පෞරුෂයට හානියක් වේය යන සැකයෙන් මෙන් ඔහු සිය ක්‍රියාවලියේ දිගටම ඕනෑවටත් වඩා උසට පනිමින් ක්‍රියා කරමින් සිටිනු දැකීම කණගාටුදායක තත්ත්වයකි.ඔහු මෙම තනතුරට මුලින්ම පත්වන මොහොතේ දැඩි විශ්වාසයකින් යුතුව ඔහු ගැන තැබූ විශ්වසනීය සටහන අප වෙබ් අඩවිය තැබූ අතර අප ඔහුගෙන් බලාපොරොත්තු වුණේ බෝතලය අලුත් වන එම අරක්කුම පුරවන වැඩක් වෙනුවට පවතින බාල ප්‍රමිතියේ අරක්කු වෙනස් කිරීමේ ක්‍රියාවලියක් අරඹනු ඇති බවය.එහෙත් දැන් දැන් බොහෝ තැන්වල ඔප්පු වෙමින් ඇත්තේ වෙනස් හැඩයක බෝතලයක්ව සිටිමින් පරණ අරක්කුවලටම ඊට පිරෙන්න ඉඩ දී තිබෙන බවය.

අප නිරන්තරයෙන් නිවැරදි කාලයට නිලවරණය පැවත්වීම පවා මඟ හරිමින්,වගකීමෙන් තොරව කටයුතු කිරිම නිසා විසුරුවා හරින ලද පිරිසකට එම ක්‍රීඩාවේ යම් යම් වගකීම් පැවරීම නුසුදුසු බව කීවේය.එම ගැටළුව විසදා නිලවරණය පවත්වා රගර් පරිපාලනයක් අලුතින් පිහිටුවීම සඳහා වගකීම පැවරූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉන් පසුව කළේ වෙන සෙල්ලමක්ය.තවම නිලවරණය පවත්වන්නට කටයුතු කර ද නැති අතර වගකීම ඉටු නොකිරීම නිසා විසුරුවා හරින ලද පරිපාලනය නියෝජනය කළ පිරිස්ම තෝරා ගෙන ඒ අය වෙනත් නිල නම්වලින් සෘජුව හෝ වක්‍රව ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ වගකීම් පැවරීමද අපි දැඬිව විවේචනය කළෙමු.
දැන් අප ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කළ සහ අභියෝගයට ලක් කරන ලද නම් දෙක වූ නලින් ද සිල්වා සහ එච් ඒ යූ ඩී හෙට්ටිආරච්චි නම් ඉවත් කර ඔවුන් සමඟ එකට පරිපාලනයේ සිටින පිරිස කැඳවා කමිටුවලට එකතු කර තිබෙනවා.මේ අතර අපූරුම වැඩේ සිඳ්ධ කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශයෙන්ම (විශේෂයෙන් රොෂාන් රණසිංහ සමයේ අධ්‍යක්ෂ ජෙනරාල් පුටුවට පැමිණි ශෙමාල් ප්‍රනාන්දු මහාචාර්යවරයා සිටියදීම කරුණු දක්වා) අධිකරණයට පවා ගොස් නුසුදුසු බව කී හසන් සිංහවංශ අනුග්‍රාහක කමිටුවටම ගෙනත් හිඳුවා ඇත.


මේ කිසිවෙක් සමඟ අපට ඇති පෞද්ගලික ආරෝවක් නැත.එහෙත් සදාචාරාත්මක නොමැති විදිහට කටයුතු කිරීම,නීතිය නොසළකා කටයුතු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් එකඟ වන්නට නොහැකිය.එසේම නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සම්බන්ධයෙන් ද එකඟ වන්නට නොහැකිය.මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් ඇති අවිශ්වාසය,ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මේලනයෙන් පවුම් 50000 ක දඩයක් ගෙවීම සහ එම දඩ මුදල ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට අදාළව ලැබෙන මුදලෙන් පියවා දැමීමට කටයුතු කිරීම වැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට පත් කළ ඔම්බුඩ්ස්මන්වරයාම පරීක්ෂණයක් කිරීම සුදුසු බව යෝජනා කර තිබියදීම ඒ කිසිවෙකු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම ගැටළුකාරි නැද්ද?


එසේම පැවති පරිපාලනය සම්බන්ධයෙන් එල්ල වූ විවේචන නිසා එය විසුරුවා එම වගකීම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරුව පසුව ඔහු එම තනතුරේ රැදි සිටිමින්,විවේචනයට ලක්ව විසුරුවන ලද පරිපාලනයේම පිරිස සමඟ එය පාලනය කරන්නට යාම සුදුසු නැත.එසේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන් සම්බන්ධ කරගෙන සිටින පිරිසි සමඟ ව්‍යවස්තාව වෙනස් කිරීමේ උවමනාවකින් දඟළන බව පෙනෙන්නට ඇත. ඒ නිසාම නිලවරණය සඳහා කැඳවීමට නියමිතව තිබූ විශේෂ මහා සභාවට ව්‍යවස්ථාව වෙනස් කිරිම ඇතුළත් නොකරන ලෙසට අධිකරණය දුන් තීන්දුව පදනම් කරගෙන ඔහු කළේ විශේෂ මහා සභා රැස්වීමම අවලංගු කිරිමය.
එසේම ආරක්ෂක ලේකම්වරයා කැඳවා ඔහුත් සමඟ වගකීම් පැහැර හැරීම නිසා විසුරුවන ලද රගර් පරිපාලනයේ ප්‍රධාන නිලධාරීන් දෙපසින් හිඳුවා ගෙන වැඩ මුළුවක් කරමින් ආරක්ෂක ලේකම්වරයාද අපහසුවට ලක් කළේය.එසේම නෙට්බෝල් සූරතාවයට යාමට ප්‍රථම විසුරුවා තිබෙන ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිණිය කැඳවා ඇය ආසියානු සභාපතිණිය හැටියට අමාත්‍යවරිය සහ අග්‍රාමාත්‍යවරිය අසළ හිඳුවා ඡායාරූප ගැනීමට සැළස්සුවාය.එහෙත් දැන් ඇය ඉන්දියාවේ සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුමෙන් සැරසී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ය.යාම් – ඒම් සියල්ල කණ්ඩායම සමඟය.ඇය ආසියානු සභාපතිණිය ලෙස විශේෂ වරප්‍රසාද කුමක් වින්දද කම් නැත.එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එම නිල ඇඳුමෙන් ලංකාව නියෝජනය කිරීමට ඇයට අයිතියක් නැති බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පිළිගත යුතුය.


නෙට්බෝල් නිලවරණය පැවත්වීම සම්බන්ධයෙන් පත් කළ කමිටුව පවා වැඩ කළේ අසාධාරණ විදිහටය.ඔවුන් පැවති පරිපාලනයේම පිරිස්වලට අවනතව කරන ලද වැඩ අතරෙන් දරුණුම ගණයේ එකක් වන්නේ යාපනයට නිලවරණය සඳහා යවන ලද උපදෙස් සිංහලෙන් යවා,එය නිවැරදිව අවබෝධ කර නොගත් තැන එම අඩුපාඩුව නොසළකා නිලවරණ අයදුම්පත අවලංගු කර දැමීමය.


අග්‍රාමාත්‍යතුමියගේ දේශපාලන ව්‍යාපාරය මේ මොහොත වන විට කඳුකරයේ අම්බිගා සහෝදරියව හොඳින් සිය වේදිකාවේ භාවිතයට ගනිමින් සිටියත්,උතුරේ ජනාතාවගේ භාෂා අනන්‍යතාවය නොසළකා ඔවුන්ට කළ අසාධාරණය ගැන තවමත් පියවරක් ගෙන නැත.නිලවරණයක් පැවත්වීමට උවමනාවක් ද පෙන්නන්නේ නැත.විසුරුවන ලද පරිපාලනයේ නිලධාරීන්ට අනියමින් ශ්‍රී ලංකා නෙට්බෝල් නියෝජනයට අවස්ථාව දෙමින් සහ වගකීම් පවරමින් ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් කටයුතු කිරීම ඇත්තටම ලැජ්ජ සහගතය.


රගර් නිලවරණය නොපවත්වන්නේ ඇයි? උත්සාහය වී ඇත්තේ පවතින් රගර් ව්‍යවස්ථාවෙන් බලය පැවරුණු නිල ඡන්ද දායකයන් සහභාගි කර නොගෙන,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ තබාගෙන ඔවුන්ගේ ඡන්ද බලය කප්පාදු කිරීමය.මේ සඳහා කොළම නාගරික රගර් ක්‍රීඩා සමාජවල රැස්වෙන ප්‍රභූ ප්‍රජාව අයත් පරිසරය හොඳින් දන්නා අග්‍රාමාත්‍යවරියගේ ද සහය ලැබෙන බවට පැතිර යන කතා බොරු විය හැකිය.එහෙත් පුදුමය බලයක් සහිත පිරිසගේ බලය ඔවුන් නොදැනුවත්ව වෙනස් කරන්නට සැළසුම් කරන බව දැක දැක නිහඩව සිටීමය.බලයේ සිටි නිලධාරි වගකීම් ඉටු නොකර ඉවත් කර අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලය පැවරුව විට නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමේ ඡන්ද හිමි බලය හිමි ව්‍යහුය වෙනස් වන්නේ නැත.එහෙත් දැන් සිඳුවෙමින් පවතින්නේ වගකීම ඉටු නොකළ පරිපාලනයේ සිටි අයට වගකීම් දෙමින්,ඡන්ද හිමි සංයුතියේ අයිතිය සහ වගකීම උඳුරා ගන්නට පිඹුරුපත් සැකසීමය.
සමාජ අයිතීන් සහ සමාජ සංවිධාන ව්‍යහූන් ගැන හොඳ අවබෝධයක් ඇති අග්‍රාමාත්‍යවරිය මෙම ඛේදවාචකයේ දිග පළල දන්නා බව අපි විශ්වාස කරමු.එහෙත් ඇය නියෝජනය කරන ඉහළ සමාජයට ඇති උවමනාව මත මේ දේවල් වෙන්නට හැර ඇය නිහඩව සිටන්නේ ද යන ගැටළුව මතුවන තරමට ඇති වී තිබෙන නිහඬතාවය විහ්වාස කරන්නට අපහසුය.
ඉතාම වගකීම් සහගතව මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවීමට මූලික වශයෙන් දර දිය ඇඳි අයෙකු ලෙස ඒ කිරි කළය මත අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හලා ගන්නා මේ ගොම හැළිය ගැන ඔහු නොසිතන්නේම සමහර විට වෘත්තීය ආඩම්බරය යන්න වැරදියට තේරුම් ගැනීම නිසා විය හැකිය.කිසිවෙකු විසින් යමක් පෙන්වා දුන් පසු ඒ නිවැරදි දේ තෝරා ගැනීමෙන් සිඳුවන්නේ ඔහුගේ පෞරුෂයට ධනාත්මක දේ එකතු වීම වුව ද,ඇතැම් නිලධාරීන් සතුව පවතින එය අපහාසයක්,මදිකමක් යන හැඟීම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තුළ ද පවතිනවා විය හැකිය.එයින් අහිමිවන්නේ වෘත්ති ජීවිතය හමාර වූ තැන දැනෙන්නට තිබෙන තෘප්තියේ ගෞරවණියම කොටසය.තවමත් අගමැතිතුමියට මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද ක්‍රීඩාව සම්බන්ධයෙන් නව රජය යටතේවත් යහපාලනයක් සිඳු නොවන බවට එල්ල වෙන චෝදනාවන්වලින් නිවැරදි වීමේ ඉඩ කඩ පවතින්නේය.


බල්ලන් සමඟ නිදා ගත් විට මැක්කන් සමඟ නැඟිටින්නට සිඳුවන බව පමණක් කිව යුතුය.ඔවුන් සාරය උරා බී කීර්තිය හප කර දමන බව තේරුම් ගැනීම නොපමාව සිඳු කළ යුතුව ඇත.රගර් නව කමිටු තේරීමේ දී එකම සිරුරේ ඔළුව හංගා වලිගය පෙරට ගත්තද සතා වෙනස් වන්නේ නැති බව අපි අවධාරණය කර කියන්නෙමු.
මෙහි අගට මේ වන විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතේ ඇති රගර් පරිපාලනයේ වගකීම හරහා නොසළකා හරිමින් කල් මරන රගර් ව්‍යවස්ථාවේ කරුණු පිළිබඳ සටහනක් ද මෙයට ඡායාරූපයක් ලෙස එකතු කර ඇත.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan