ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්. ඇමරිකාව අනතුරු හඟවයි !

නැවත දැනුම් දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි එම තානාපති කාර්යාලය සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ. RN