කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ආරුගම්බේ ප්රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.
තානාපති කාර්යාලය පවසන්නේ එම ප්රදේශයේ පිහිටි ජනප්රිය සංචාරක ස්ථාන වලට ප්රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.