විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙලක්!

Date:

කොළඹ LNW:විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එළඹෙන සංචාරක වාරයේදී මෙරටට විශාල සංචාරකයින් පිරිසක් පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර මේ වන විට මැදපෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය තත්ත්වයන් සලකා විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩපිළිවෙලක් යෙදීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට නියමිතයි.

එහි මූලික පියවරක් ලෙස ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව පිළිබඳ ඇතිවන ගැටලුවකදී 1997 දුරකථන අංකය වෙත දැනුම් දීමේ අවස්ථාව අද සිට සලසා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...

සුජීවගේ තුන්වෙනි කවි පොතත් එළිදකියි! (PHOTOS)

කොළඹ LNW:ජනප්‍රිය උසස් පෙළ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාගේ...

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...