ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (ඔක්තෝබර් 23) වරෙන්තු නිකුත් කළේය.

ඒ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා ය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් පළමුවැනි විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ අභියාචනාධිකරණයට ඊයේ (22) දිනයේ ලබාදුන් පොරොන්දුවක් අනුව තම සේවාදායකයා අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා ගොස් ඇති බවයි.

එම ප්‍රකාශය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළ විනිසුරුවරයා පෙන්වා දුන්නේ විත්තිකරු නඩුවට ප්‍රමුඛතාවය දිය යුතු බවත් ඔහු නඩුවට පැමිණීම වළක්වාලන කිසිදු නියෝගයක් අභියාචනාධිකරණය විසින් නිකුත් කර නොමැති බවත් ය.

ඒ අනුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් සලකා බලමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කරන ලදී.

නඩුව 2025 ජනවාරි 27 වනදා නැවත කැඳවීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...