ධම්මිකගේ හේලීස් වෙතින් මහා පරිමාණ සුපිරි වෙළඳසැල් ජාලයක්. ආරම්භයේදී දිවයින පුරා ශාඛා 100ක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ දැවැන්තම ව්‍යාපාර සමූහය වන හේලීස් පීඑල්සී සමූහය මෙරට මහා පරිමාණ සුපිරි වෙළඳසැල් අංශයට උපායමාර්ගිකව පිවිසීමට අපේක්ෂා කරන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව, ආරම්භයේදී ඔවුන් මෙරට ප්‍රධාන නාගරික සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කෙරෙන පරිදි අලෙවිසැල් 100ක් පිහිටුවීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම, නාගරීකරණය ඉහළ යාම සහ පාරිභෝගික ජීවන රටාවන්හි වර්ධනය වන නවීනත්වයත් සමඟ, රටේ සිල්ලර අංශයේ වර්ධනය සඳහා දැවැන්ත විභවයක් හේලීස් අපේක්ෂා කරන අතර එහි පියවරක් වශයෙන් මෙම ව්‍යාපාර මුලපිරීමට කටයුතු කරන බවයි හේලීස් සමූහය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ අංක එකේ දැවැන්තම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා සතු සමාගම් සමූහයකි. ධම්මික පෙරේරා මහතා මේ වසර තුළ සිය ව්‍යාපාර වපසරිය පුළුල් කිරීම සඳහා ලාෆ්ස් සමූහය ඇතුළු සමාගම් 4ක් අත්පත් කරගෙන තිබූ ආකාරය ද දැකගත හැකිවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...