කාවන්තිස්සගේ මරණය ගැන සොයන්න පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කතානායකවරයාට බාර දෙයි

රටේ ජාතික ස්වභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, එම සිදුවීමට අදාළ සියලු පාර්ශ්ව සිය වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න තහවුරු කර ගැනීමටත්, එම ඇතා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමත් වෙනුවෙන් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා කතානායකවරයා වෙත අත්සන් කරන ලද යෝජනාව අද බාර දීම සිදු විය.

මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සෙවීම සේම දැනට සිටින ඇත් පරපුර ආරක්ෂා කිරීම ගැනත් පියවර ගත යුතු බවත් මෙය දේශපාලනයෙන් තොර දෙයක් බවත් ය.

එසේ ම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ද පක්ෂ භේදයෙන් තොරව සම සභාපතීත්වයෙන් යුතුව සාර්ථකව ක්‍රියාත්මක වන නිසා මෙම කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ සොයන කමිටුවට ද රාජ්‍ය හා විපක්ෂයේ සම සභාපතීත්වයෙන් යුතුව ස්ථාපිත කරන ලෙසට යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කතානායකවරයා වෙත යෝජනා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු...

මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත...

අධික වර්ෂාව නිසා කළු ගඟ සහ දෙදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානම තවමත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : මිල්ලකන්ද ප්‍රදේශයෙන් ගලා...