රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW :
ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ අකුණු සන්නායකවලින් තඹ පටි විශාල ප්රමාණයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් කෝප් (COPE) කමිටුව විසින් ආරක්ෂක අමාත්යාංශයේ නිලධාරීන්ට දැඩි නියෝග නිකුත් කර තිබේ.
2022 සහ 2023 යන වසරවලදී මෙම රෝහලෙන් කිලෝමීටර් දෙකකට අධික තඹ පටි තොගයක් අතුරුදහන් වී ඇති බව කෝප් කමිටු සභාපති වෛද්ය නිශාන්ත සමරවීර මහතා මෙහිදී ප්රකාශ කළේය.
විශ්වවිද්යාල නිලධාරීන් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවක මෙම නියෝග ලබා දී ඇති අතර, අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වේගවත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයාට දන්වා ඇත.
ඒ අනුව, මෙම සොරකම පිටුපස ඇති සත්යය අනාවරණය කර ගැනීම සඳහා කඩිනමින් පුළුල් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් සභාගත කරන ලෙස අදාළ අංශ වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.


