පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව!

Date:

පාසල් දරුවන්ට පාර්ලිමේන්තු විවාද නැරඹීමට අවස්ථාව ලබා දීම සඳහා පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුවට ඉදිරිපත් කළ යෝජනාව ඉකුත් 21 වන දින සම්මත වී තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන දින වල පාර්ලිමේන්තු පැමිණ ගැලරියේ සිට එම පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමට පාසල් දරු දැරියන්ට අවස්ථාව හිමිවෙනු ඇත.

ඉකුත් කාලසීමාවේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය සහ ආරක්ෂක හේතු මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම සීමා කර තිබූ අතර, මෙම සීමා ඉකුත් සැප්තැම්බර් 20 වන දින ලිහිල් කෙරිණි. කෙසේවෙතත්, පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වූ දිනයන් වල පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාවක් ලබා දී තිබුණේ නැත.

ඉහත තීරණය අනුව, පාසල් බලධාරීන්ට 0112777473 / 0112777335 යන ෆැක්ස් අංක හරහා හෝ පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය වන www.parliament.lk හරහා වේත්‍රධාරී වෙත ලිපියක් යොමුකරමින් මේ සඳහා අයදුම් කළ හැකිය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...