මුලු ලොව සිරි ලකට යටයි: නිව් යෝර්ක් හි මිස් ශ්‍රී ලංකා හමුවේ කුසල්ගේ ගැහිලි පරාදයි!

Date:

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි මිස් ශ්‍රී ලංකා කිරුල හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබෙනවා.

ඇය ඇන්ජෙලියා ගුණසේකරයි.

මෙම රූ රැජිණ තරඟය පැවැත්වූයේ නිව් යෝර්ක් හි සවුත් බීච් වල වන අතර, තරඟකාරිනියන් 14 දෙනෙකු අවසන් වටයට සුදුසුකම් ලබා කිරුළ දිනා ගැනීමට සමත්ව තිබෙන්නේ ඇන්ජෙලියා ගුණසේකරයි.

මෙම කිරුළ ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් ජයග්‍රහණය කරන්නේ පළමු වරට. හැබැයි මෙම පුවතත් සමඟ සමාජ මාධ්‍ය උණුසුම් කරන තවත් සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

තරඟය අවසානයේ පවත්වන පසු සාදයේදී අමු ගුටිබැට හුවමාරුවක්!

මෙම ගුටි බැට හුවමාරුව සජීවීව පටිගත කළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.

මෙම ගුටිබැට හුවමාරුවට ශ්‍රී ලාංකික කාන්තාවන් හා පිරිමින් පිරිසක් සම්බන්ධව ඇති අතර, මෙම සිදුවීමට හේතුව කුමක්ද යන්න තවමත් වාර්තා වී නැහැ.

නමුත් එම ගුටි බැට හුවමාරුව දරුණුවටම සිදුවන බව නම් වීඩියෝ පටය නැරඹීමෙන් දකින්න පුළුවන්.

මෙම ගුටිබැට හුවමාරුවට එක්සත් ජනපදයේ පුද්ගලයන්ගේ සම්බන්ධයක් තිබෙන්නේ ද යන්න තහවුරු වී නැහැ.

කෙසේවෙතත්, මෙම සිදුවීමට උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිව ඇති බව එම වීඩියෝපටයට වැටී ඇති කමෙන්ටු දැකීමෙන් පැහැදිලි වනවා.

ශ්‍රී ලංකාව ලෝකේ තොටේ යන්නේ කොහේද යන තැන සිරිලක තරම් වන්ඩර්ෆුල් රටක් ලෝකේ කොහේ වත් නැති බව මැනවින් ඔප්පු කරන බව නම් මෙම වීඩියෝ පටය නැරඹීමෙන් පසක් වනවා.

ප්‍රමෝද් චින්තක පීරිස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...