පොළී අඩු නොකළ වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වලට වෙන්න යන දේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනතෙක් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී.

බැංකු පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව මෙම තීරණය ගත් බවත්, පසුගිය කාලයේ බැංකු පොලී අනුපාත ඉහළ මට්ටමක තිබියදී ලබාගත් දිගුකාලීන තැන්පතු සඳහා පොලිය ගෙවීමේදී වාණිජ බැංකුවලට යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුවද, දැඩි පීඩනයකට ලක්ව සිටින ජනතාව වාණිජ බැංකුවලින් බලාපොරොත්තු වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැංකු පොලී අනුපාත අනුව ක්‍රියා කරනු ඇති බවයැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

සියඹලාපිටිය මහතා තවදුරටත් කියා සිටියේ , සියලුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු මෙන්ම මුල්‍ය ආයතන ද මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව කටයුතු කළ යුතු බව රජයේ ස්ථාවරය බැවින්, වහාම එම බැංකුවල පොලී අනුපාත අඩු කිරීම විය යුතු බවත්, ඒ සම්බන්ධ‌යෙන් දැඩි හා සෘජු පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඊයේ (22) දින අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...