රසිඳු තවත් පිම්මක් පනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 24,(LNW) කොළඹ :

WONDR by BNI Indonesia International Challenge 2024 තරගාවලිය නියෝජනය කරන රසිඳු හෙන්දහේවා සිය තෙවන ජයග්‍රහණය ද වාර්තා කරන්නට සමත් වුණා.ඔහුගේ ප්‍රතිවාදියා වූ මැලේසියාවේ මොහොමඩ් නායිම් අහමඩ් ෆයිරුස්ලි වට 2-1 ලෙස පරාජය කරන්නට මෙහිදී රසිඳු සමත් වුණා.ලකුණු තත්ත්වය දැක් වුණේ 21-8,18-21 සහ 21-11 ලෙසයි.


රසිඳු මේ අනුව 16 දෙනාගේ තරග යටයට පිවිස සිටින අතර එහිදී ඔහු ඉන්දුනීසියාවේ යොහානස් සවුට් මාර්ෂල් සමඟ තරග වැදෙන්නට නියමිතව සිටිනවා.යොහානස් තරගාවලිය ආශ්‍රීත ශ්‍රේණිගත කිරීම්වල තෙවන තැන සිටින ක්‍රීඩකයායි.
මේ තරගාවලිය නියෝජනය කරන ජාතික සූරිය රනිත්මා ද පළමු වටය ජය ගැනීමෙන් ඉනික්බිති දෙවන තරගයේදී මෙම තරගාවලියේ අංක එකට සිටින කාන්තා කේවල ක්‍රීඩිකාව පරාජය කරමින් පෙරට ආ ඉන්දුනීසියාවේ බිල්ක්‍රිස් ප්‍රශ්ෂ්ඨා ඉදිරියේ ලකුණු 21-13 ක් සහ 21 – 18 ක් ලෙස පරාජය වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...