හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම වලකා අතුරු තහනම් නියෝගයක්!

0
659

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

එසේ, අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන්නේ, ඒ අනුව ලබන මස 07 වනදා දක්වා ඔහු අත්අඩංගුවට ගැනීම වලක්වාලමිනුයි.

ශ්‍රී රංගා මහතාට ඉදිරි පැය 48 තුළ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටි ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද අධිකරණය නියෝග කළ බවත්, වගඋත්තකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් නියෝග කෙරුණ බවද වාර්තා වේ .