බැකෝ සමන්ගේ ෆෝන් එකෙත් නාමල් සර් – මේ නාමල් ද? වෙන නාමල් කෙනෙක්ද?

Date:

කොළඹ LNW: සංවිධානාත්මක අපරාධවලට සහ මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පසුපස හඹා යමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරන අතර මෙම ක්‍රියාවලිය හමුවේ නාමල් රාජපක්ෂ බිය විය යුතු නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

කෙසේවෙතත් බැකෝ සමන්ගේ දුරකථනයේ නාමල් සර් කෙනෙක් ඇමතුම් ගෙන තිබෙන අතර ඒ නාමල් මේ නාමල් ද නැත්නම් වන නාමල් කෙනෙක්ද යන්න නොදන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

”අපි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ, බෙදාහරින්නෝ පසුපස යමින් තමයි මේ අත්අඩංගුවට ගැනීම් කරන්නේ. නාමල් මොකටද බයවෙන්නේ. නාමල් බයවෙන්න කාරණයක් නැහැ. හේතුව මේ සංවිධානාත්මක අපරාධයන්ට සම්බන්ධයක් නැත්නම්. හැබැයි අපි දන්නේ නැහැ අන්න තියෙනවා සමහර කොල්වල. කාගේද දන්නේ නැහැ නාමල් සර්, මගේ සර් රාජපක්ෂ ඉතින් අර කෝල්වල තියෙනවා. බැකෝ සමන්ගේ කෝල් වල තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ නාමල් ද වෙන නාමල් කෙනෙක්ද? අපි දන්නේ නැහැ. මගේ සර් රාජපක්ෂ කියන්නේ මේ රාජපක්ෂ පවුලේ කෙනෙක්ද වෙන රාජපක්ෂ පවුලක කෙනෙක්ද? කියන්න අපි දන්නේ නෑ. සමහර විට කලබල වෙන එක අහන්න දෙයක් නෑ මොකද අබ කාපු අයගේ මොලේ දනවා මුළු ඇඟම දනවා” යනුවෙන් මහින්ද ජයසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...