නාමල් කියල දැක්ක ගමන් එයාලගේ නාමල් අමතක වෙලා මාව මතක් වෙන එකත් සතුටක් – නි.ඇමතිට නාමල්ගෙන් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW: සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන දැනට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ දුරකථනයේ තිබුණු නාමල් සර්,මගේ සර් රාජපක්ෂ යන අංක සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වා තිබුණි.

”එතුමාගේ පක්ෂේත් ඉන්නවා නාමල් කරුණාරත්න කෙනෙක්. ඒ නාමල් ද දන්නෙත් නෑ. එක පැත්තකින් මම සතුටු වෙනවා. මොකද නාමල් නම දැක්ක ගමන් මාව මතක් වෙන එකට. කැබිනට් එකේ ඉන්න නාමල්වත් අමතක වෙලා විපක්ෂයේ ඉන්න නාමල් මතක් වෙනවා කියන එකත් ලොකු දෙයක්. මගේ පණ, මගේ ආදරේ කියල ඉතින් සාමාන්‍යයෙන් ගැහැණු ළමයි පිරිමි ළමයි අපේ භාෂාවෙන් කියන්නේ මල් කඩන කාලේ, පෙම් බඳින කාලේ තමයි එහෙම සේව් කරලා තියෙන්නේ. එහෙම නම්බරයක් එයා දැක්කද දන්නෙත් නෑ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ෆුට්සාල් ජය හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ෆුට්සාල්...

පොඩ්ඩන් ඉස්සරහා ලොකු වැඩ දාපු කොල්ලන් සොක්කන් වූ දවසක්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකාව මෙවර ලෝක...