එරිත්‍රියාවේ වසරක කාලයක් රඳවාගෙන සිටි පිරිසක් රජයේ ඝෘජු මැදිහත් වීමෙන් බේරා ගැනේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :

Seagull Maritime ආයතනයට අයත් අසර්බයිජාන කපිතාන්වරයෙකුගේ ප්‍රදානත්වයෙන් සේවා සැපයූ යුරෝපීය නෞකාවක් එරිත්‍රියානු මුහුදු කලාපයට පිවිසීම හේතුවෙන් එම නෞකාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික නාවිකයින් 06 දෙනෙක් එරිත්‍රියාවේ වසරක කාලයක් රඳවාගෙන සිට ඇති අතර, නිදහස් කර ගැනීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

පසුගිය 2024 නොවැම්බර් මස 07 වන දින සිට එරට බලධාරීන් විසින් ඔවුන් රඳවාගෙන සිට ඇත.

ඔවුන් නිදහස් කරගැනීම සඳහා ඉහළ පෙළේ මැදිහත් වීම් කිහිපයක් සිදු කිරීමටද සිදු වූ අතර මේ සඳහා කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කළ බව පැවසේ.

මෙම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ ද සේවය කර තිබෙන නිදහස් කරගැනීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ඍජුව මැදහත් වී අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් ලබා දුන් අතර අමාත්‍යවරයාගේ රාජතාන්ත්‍රික මැදිහත් වීම් මත ශ්‍රී ලාංකික නාවිකයින් හය දෙනා අද (24) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපලට ළඟා වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...