ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :

ගාල්ල වරායට පැමිණි ඉරාන නෞකාවේ පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අදහස් දක්වන ලදී.

මුහුදු මාර්ගයෙන් රටට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති සහ සම්මුතීන් අනුගමනය කරමින් රජය කටයුතු කර ඇති බව ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම ජාත්‍යන්තර සරණාගත නීති ඇතුළු අදාළ සම්මුතීන්ට අනුගත වෙමින් අවශ්‍ය පියවර ගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.

පැමිණෙන පුද්ගලයන්ගේ ජාතිකත්වය හෝ රට කුමක් වුවත්, ශ්‍රී ලංකාව සෑම විටම ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කරමින් කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් මෙම තත්ත්වය කිසිදු විදේශීය රටකට ගැටලුවක් නොවන බවත්, මෙතෙක් ගෙන ඇති සියලුම ක්‍රියාමාර්ග නිවැරදි නීත්‍යානුකූල රාමුව තුළ සිදු කර ඇති බවත් ඔහු තවදුරටත් තහවුරු කළේය.

“ලංකාවට නැවක් හෝ මුහුදු මාර්ගයෙන් යම් කිසි පිරිසක් එනකොට අපි අනුගමනය කරන ජාත්‍යන්තර සම්මුතීන් සහ ජාත්‍යන්තර නීතින් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සරණාගතයන් සම්බන්ධව සම්මුතීන් තියෙනවා මේ සම්මුතීන් සහ නීතින් අනුව තමයි අපි වැඩ කරන්නේ. ඒ නිසා එන අය මොන රටට අයත්ද, ඒ අයගේ ජාතිය මොකක්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නෑ අපි අන්තර්ජාතික සම්මුතීන් අනුව වැඩ කරගෙන යනවා ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කිසිම රටකට ඒක ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. මේ දක්වා අපි වැඩ කරලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතීන් අනුව”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...