රනිලුත් අනාගනීද ?

Date:

ආර්ථිකය නගා සිටුවීම කෙසේ වෙතත් රටේ බහුතර ජනතාව නන්නත්තාර වීමෙන් ගලවාගැනීමට නම් තිත්ත ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යායුතුමය.

රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකයින් යම් ප්‍රමාණයක් හෝ වන්දි ගෙවා ඉවත් කිරීම, පලදායී තාවය ගණනය නොකර සිදුකරන වැටුප් වර්ධක අත් හිටුවිම, සදා පාඩු ලබන රාජ්‍ය ව්‍යාවසායකත්වයන් පෞත්ගලික කරණය කිරීම සහ ඉහල ආදායම් ලබන වෘතිකයන්ට ඝෘජු බදු පැනවීම වැනි ඇඟ රිදෙන ක්‍රියාමාර්ග වලට නොයන්නේ නම් එල්ලෙන්ට තියෙන එකම විසඳුම ලෙස පවතින අයි.එම්.එෆ්. සහනයද නොලැබෙනු ඇත.

අනෙක් පැත්තෙන් රාජ්‍ය අංශයේ පවතින මේ බෝග විනාශ මුඛ පිලිසකර කරගන්නා තුරු කොපමණ ණය ලබාගත්තද ප්‍රතිපලය හිල් බේසමකට ජලය පුරවනවා සමාන දෙයකි.

නමුත් මෙහිදී මෙතෙක් රටේ ආන්ඩු මාරුවීමට විශාල බලපෑමක් එල්ල කල සහ රාජ්‍ය සේවය වවාගෙන කාපු සහ තම මතයට අනුව වමේ ව්‍යාපාර නටවපු රාජ්‍ය වෘතීයසමිති හවුල රජයට විරුද්ධව ලොකු තොවිලයක් නටනු ඇත.

මෙහිදී බොහෝදුරට රාජ්‍ය වෘතීය සමිති විසින් අවුලවන විරෝධය හමුවේ රනිල්ට උක්ත ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටද සිදුවනු ඇත.එහිදී ඇතම් විට ලක්ෂ දාසයක රාජ්‍ය සේවකයන් නඩත්තුකරගැනීම වෙනුවෙන් සෙසු දෙකොටියට අපාගතවීමටද සිදුවනු ඇත.

මෙතැන පවතින ගැටලුව නම් රනිල් හමුවේ ඇවිලයාමට නියමිත සහ උපායශීලීව මුහුණදිය යුතු එවන් ධරුණු විරෝධයක් අතලඟ පවතිද්දී වසන්ත මුදලිගේ වැනි ශිෂ්‍යයෙකුගේ පසුපස පන්නමින් නැති විරෝධයක් නිර්මාණය කරගෙන අර්බූදය හත්පොලේ ගාගන්නට දඟලන රනිල්ගේ නොමේරුබව කුමක්ද යන්නෙහිය.

මෙහිදී ඉතිහාසයේ එක් යුගයක වසර පහක පමණ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත රඳවාතබාගැනුනු රැඳවියෙකු ලෙස මා හොඳින්ම දන්නා කරුණ නම් යමෙකු රැඳවුම් නියෝගයක ගොදුරක් වන්නේ දේශපාලන දඩයමක ගොදුරක් ලෙස මිස අධිකරණ නියෝගයක් මත නොවන බවය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අනුව පොලීසියට විමර්ශන කටයුතු සඳහා යැයි කියමින් ඕනෑම සිවිල් වැසියෙකු රැඳවුම් නියෝග මත දිගින්දිගටම රඳවාතබාගත හැකිය.

පසුගිය ගෝල්ෆේස් සිවිල් අරගලය තුල රංචු ක්‍රියාකාරකම් මිසක මුදලිගේ වැනි ශිෂ්‍යයෙකුට සහභාගී වීම සඳහා ත්‍රස්ත ක්‍රියාවන් එහි සිදුනොවූ බව රනිල් පවා හොඳින් දන්නා කාරනයකි.

අනෙක් පැත්තෙන් සාමූහික සහභාගීත්වය ඔස්සේ කරනලද දේශපාලන අරගලයක වරදකාරීත්වයට එක් පුත්ගලයෙකු හුදෙකලාකොට ඳඩුවම් ලබාදීමේ පවතින දෝෂය නොතේරෙන රනිල්ගේ ලිබරල් වාදය කුමක්ද …?

රනිල්ගේ මේ පලිගැනීමේ පටු හැසිරීම කිසිසේත්ම මෙවන් මහා අර්බූදයක් ජයගත හැකි උපායශීලී විසල් මිනිසෙකු තුල තිබිය හැකි ලක්ෂනයක් නම් නොවේ.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...