*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

බ්‍රිතාන්‍යයන්ට දීවාලියට තෑග්ගක් – රිෂී සුනාක් නව අගමැති වන ලකුණු!

අගමැති කවුරුන් වූව ද වහා මැතිවරණයක් කැඳවන්න – විපක්ෂය!

බ්‍රිතාන්‍යයේ දේශපාලන පිටිය මේ වන විට උණුසුම් වාතාවරණයක් ගෙන තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය දින 44 ක පාලන කාලයකින් පසු තම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරයට තරඟ වැදීමට නම් කිහිපයක් ම බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයෙන් මතුව තිබීම නිසා ය.

මීට ඉහත ලිස් ට්‍රස් ගේ නික්ම යාම මත හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නැවත කරලියට පැමිණෙන බවට පුවත් වාර්තා වූ අතර, දැන් වාර්තා වන අන්දමට ඔහු යළි පසු බැස තිබේ.

සමාජ මාධ්‍ය ජාල ඇතුළු පොදු අවකාශය තුළ වැඩි ආකර්ෂණයක් තිබුණේ පාලක පක්ෂ මන්ත්‍රී රිෂී සුනාක් ට වන අතර, ඔහු සහ පෙනී මෝර්ඩෝන්ට් අතර තරඟකාරී බවක් දක්නට ලැබිණි.

කෙසේවෙතත්, අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමට නම් ටෝරි (පාලක පක්ෂ) මන්ත්‍රීවරුන් අවම 100 දනෛකුගේ සහාය පෙන්වීමට එකී අපේක්ෂකයන් සමත්විය යුතු අතර, මේ වන විට රිෂී සුනාක් ටෝරි මන්ත්‍රීවරු 185 කගේ ම සහාය ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙනී මෝර්ඩෝන්ට් ට හිමිව තිබෙන්නේ මන්ත්‍රීවරුන් 90 දෙනෙකු ගේ සහාය පමණි.

බහුතර කැමැත්ත දිනා ගැනීමට සමත් අග්‍රාමාත්‍ය අපේක්ෂකවරුන්ගේ නම් අද දින කෙටි ලැයිස්තුගත වූ අතර, නව අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න එරට වේලාවෙන් ප.ව. 2ට නිවේදනය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

දකුණු ආසියානු සම්භවයක් තිබෙන රිෂී සුනාක් මහතා බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වූවහොත් එය එක්සත් රාජධානියේ වාර්ගික විවිධත්වය කෙරෙහි පවතින සමානාත්මතාවය සනිටුහන් කරන අවස්ථාවක් වනු ඇති සේම, උදාවූ දීවාලි උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ හින්දු බැතිමතුන්ගේ ආශිර්වාදය ලද දේශපාලනික ආගමනයක් ද වනු ඇත.

කෙසේවෙතත්, බ්‍රිතාන්‍ය පුරවැසියන් මෙන්ම එරට ප්‍රධාන විපක්ෂය වන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ඇතුළු ප්‍රතිවාදී දේශපාලන ධාරා දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුරුන් වූව ද වහාම මහ මැතිවරණයක් කැඳවා ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කළ යුතු බවයි.

රිෂී සුනාක් මීට ඉහත බොරිස් ජොන්සන් පාලනය යටතේ බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍යවරයා (චාන්සල්වරයා) ලෙස කටයුතු කළ අතර, ඔහු බොරිස් ජොන්සන්ගේ ප්‍රභල හිතවාදියකු විය.

කන්සර්වේටිව් පක්ෂ පාලනය යටතේ බ්‍රිතාන්‍යයේ උකස් අනුපාත, උද්ධමනය, පොලී අනුපාත ආදියෙහි ඉහළ යාමක් ඇතුළු ආර්ථික කඩා වැටීමක් සිදුවූ අතර, මෙම පසුබිම තුළ එම පක්ෂය කෙරේ ඇති ජනතා අප්‍රසාදය විශාල වශයෙන් වර්ධනය වී තිබිණි.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ ඛනිජ තෙල් සමාගම මාස 07 කාලයක් (2022 ජනවාරි – ජූලි) තුළ ඩොලර් බිලියන 3.5 ක ලාභයක් උපයන විට එහි ආර්ථික වාසිය ජනතාවට සම්ප්‍රේශණය නොකිරීම මත කන්සර්වේටිව් ප්‍රමුඛ රජය දූෂිත බවට චෝදනා ද එල්ල වී තිබිණි.

බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික මතධාරීන් විසින්ම කන්සර්වේටිව් පක්ෂය විවේචනය කිරීම දක්නට ලැබුණු අතර, මෙකී ආර්ථික කඩා වැටීම හමුවේ එරට මුදල් අමාත්‍යධුරය හෙබවූයේ රිෂී සුනාක් ය.

එබැවින් ඔහුගේ සුළු ජාතික සම්භවය මත සහ හිටපු අග්‍රාමාත්‍යවරුන්ට සාපේක්ෂව වැඩි ආකර්ෂණයක් දිනා ගෙන තිබුණ ද, යළි මැතිවරණයක් කැඳවා රජයක් පිහිටුවන තුරු බ්‍රිතාන්‍යයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය කෙරේ විසඳුම් සැපයීමට ඔහුගේ පාලනයක් යටතේ හැකිවේද යන්න නොවිසඳුනු පැණයකි.

ඡායාරූප: ද ගාඩියන්

අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan