ප්‍රසන්න රහස් ඡන්දයේ ප්‍රතිඵලය හෙළිකරයි – අලුත් ගමනක් !

Date:

ඉදිරියේදී ගතයුතු දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩල රැස්වීමේදී විමසූ රහස් ඡන්දයෙහි ප්‍රතිඵලය තමන් වෙත ලැබී ඇති අතර එහි සාමාජිකයින් බහුතරයකගේ මතය වී ඇත්තේ මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සමග එක්ව වැඩ කළ යුතුය යන්න බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව, මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම යනු “අලියාගේ පිටේ නැගීමක්” නොවන බවත් එසේම එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතැර යාමක් ද නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇද ඒ මහතා ගෙනයන වැඩපිළිවෙලට සහාය පළ කිරීම යනු පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හොඳම තීරණය බවයි ඒ මහතා සඳහන් කළේ.

විදෙස් සංචාරයකින් අනතුරුව අද (24) දිවයිනට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...