සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක පෙනීම හා අතක ක්‍රියාකාරීත්වය අහිමි වේ.

Date:

පසුගිය අගෝස්තු මාසයේ බටහිර නිව්යෝර්ක් හි පැවති සාහිත්‍ය උත්සවයකදී දේශනයක් පැවැත්වීමට සූදානම්ව සිටියදී සල්මන් රුෂ්ඩිට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් මේ වන විට රුෂ්ඩිගේ එක් ඇසක පෙනීම සහ අතක් භාවිතා කිරීම අහිමි වී ඇති බව වාර්තා වේ.

ඇන්ඩෲ වයිලි ස්පාඤ්ඤ භාෂා පුවත්පතක් මේ බව තහවුරු කළ පරිදි වයස අවුරුදු 75ක් වන රුෂ්ඩි මෘග ප්‍රහාරයකට ලක් වූ බවත්, එමඟන් ඔහුගේ ඇසක පෙනීම අහිමිවූ බවත් ,අතෙහි ස්නායු කැලීයාම හේතුවෙන් අත අකර්මන්‍යව ඇති බවත්, පපුවේ හා කඳේ තවත් තුවාල 15ක් පමණ ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ඔහුගේ The Satanic Verses ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මුහම්මද් නබි තුමා ගැන නවකතාවේ ඇති ඡේදයනක් හේතුවෙන් රුෂ්ඩිට මරණීය තර්ජන දිගින් දිගටම එල්ල වූ අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා රුහොල්ලා කොමේනි විසින් ෆට්වා නොහොත් ආගමික ආඥාවක් නිකුත් කර රුෂ්ඩි මරා දුමිය යුතු බවට නිවේදනය කර වසර 33කට පසුවය. මෙම ප්‍රහාරය එල්ල වන තෙක් ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවී තිබුණේ පොලිස් ආරක්ෂාව යටතේ වසර ගණනාවක් සඟව සිටිමිනි.

රුෂ්ඩිට පුහාරය එල්ල කළ අපරාධකරු 24 හැවිරිදි හාඩි මාතාර් ලෙස හඳුනා ගනු ලැබූ අතර මිනීමැරීමට තැත් කිරීම සහ පහරදීමේ චෝදනා හේතුවෙන් ඇප නොමැතිව බටහිර නිව්යෝර්ක් බන්ධනාගාරයක රඳවා ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...