*
Monday, September 23, 2024
spot_img

Latest Posts

හෙට දින ශ්‍රී ලංකාවට අර්ධ සූර්යග්‍රහණයක්!

2022 ඔක්තෝම්බර් 25 වන දින හිරු බැසයාමට ආසන්නයේදී අර්ධ සූර්යග්‍රහණයක් ලංකාවට දිස්වේ

2022 ඔක්තෝම්බර් 25 වන දින හිරු බැසයාමට ආසන්නයේදී ඉතා සුළු මට්ටමෙන් දිස්වන  අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ  තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය  චන්දන ජයරත්න පවසයි. මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වේ. ලංකාවේ අපට ග්‍රහණය හොඳින්ම දිස්වනුයේ යාපනය ප්‍රදේශයටය .

සූර්යග්‍රහණයක් සිදුවන්නේ කෙසේද?

පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ. එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය  හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි. සූර්යග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය.

මෙම අර්ධ සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශ  සහ  වේලාවන්

යාපනය   නගරයට  අර්ධ සූර්යග්‍රහණය ප.ව.  5.27   සිට නිරීක්ෂණය කළ හැකි අතර  උපරිම අවස්ථාව .. 5.46 ට ද සිදුවේ. එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 8.8% ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරයි.  ග්‍රහණ  අවසානය ප.ව. 6.20 ට  සිදුවන මුත් යාපනයට හිරු බැසයාම පස්වරු ප.ව. 5.49 ට  සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 22 ක පමන කාලයක් යාපනයට දිස්වේ.

අනුරාධපුර සිට යාපනය දක්වා වන උතුරු ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දී මෙම සූර්යග්‍රහණය නැරඹීමට සුදුසුම කලාපය වේ.

කොළඹ නගරයට  අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5:43 සිට නිරීක්ෂණය කළ හැකි අතර, උපරිම  ග්‍රහණ  අවධිය ප.ව.  5:49 ට සිදුවන අතර එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 1.6% ක් පමණ සුලු   ප්‍රමාණයක් ආවරණය කරයි. කොළඹට  හිරු බැසයාම පස්වරු ප.ව. 5:52 ට  සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 9 ක පමන කාලයක් කොළඹ ප්‍රදේශයට දිස්වේ.

ලංකාවේ  දකුණු දිග ප්‍රදේශවලට මෙම ග්‍රහණය  දිස් නොවේ.

හිරු බැසයාමට ඉතා අසන්නයේ පිහිටන  සූර්ය රශ්මිය ඉතා අඩු විටෙකදී මෙම ග්‍රහණය සිදුවන බැවින්,  ග්‍රහන උපරිම අවස්තාවේ දී සහ ඊට පසුව සූර්ය පෙරහණක් නොමැතිව වුවද පියවි ඇසින් තත්පර 30 ක ට අඩු කෙටි කාලයක් එදෙස බලා සිටියාට ඇස් වලට හානියක් සිදුනොවනු ඇති  බව ද මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය. නැවතත් සූර්යග්‍රහණයක්  ලංකාවට දිස්වනුයේ වසර 5කට පසුව එනම් 2027 අගොස්තු 2 දාය.

සාමාන්‍යයෙන් සති දෙකක පරතරයක් ඇතිව එක දිගට ග්‍රහණ දෙකක් ඇතිවේ. ඒ අනුව දින 14කට පසුව එනම් නොවැම්බර් 8 වැනිදා ලොව බොහෝ ප්‍රදේශවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවනු ඇති අතර එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට පස්වරු 5.48 සිට 6.19 දක්වා නැගෙනහිර ක්ෂිතිජයෙන් චන්ද්‍රයා උදාවීමේදී දර්ශනය වනු ඇත.

මහාචාර්ය චන්දන ජයරත්න
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, සහ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan